Gossip News

නෙළුම් කුළුන අද ජනතා අයිතියට – වීඩියෝ

දකුණු ආසියාවේ උසම සන්නිවේදන කුළුණ ලෙස සැලකෙන නෙළුම් කුළුණ අද (16) විවෘත කරන්නට නියමිතව තිබෙනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊට අදාළ උත්සවය අද පස්වරු 5.00ට පැවැත්වෙන අතර ඒ සදහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන්ට ආරාධනා කර ඇති බව විදුලිසංදේශ නියාමන කොමිෂන් සභාව සදහන් කරනවා.

2012 වසරේ ඉදිකිරීම් ආරම්භ කළ නෙළුම් කුළුණ දකුණු ආසියාවේ උසම සන්නිවේදන කුළුණ ලෙස සැලකෙන අතර එහි උස මීටර් 356ක් වෙනවා.

අමෙරිකානු ඩොලර් මිලියන 104යි දශම 3ක පිරිවැයකින් යුතුව මෙහි නිර්මාණ කටයුතු සහ ඉදිකිරීම් කටයුතු සිදුකර ඇති අතර ඉන් ඩොලර් මිලියන 67ක මුදලක් චීන රාජ්‍ය බැංකුවක් වන එක්සිම් බැංකුව විසින් විදේශ ණය මුදලක් ලෙස ලබා දී තිබෙනවා.

ඉතිරි පිරිවැය දරා ඇත්තේ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින්ය.

බේරේ වැව අසල ඉදිකර ඇති නෙළුම් කුළුණේ පාදමේ තට්ටු තුනක් මහජන භාවිතය සදහා පමණක් වෙන් කර ඇති අතර පෙරනොවූ විරූ කැරකෙන අවන්හලකින් ද මෙය සමන්විත වෙනවා.

මීටර් 244ක උසකින්යුතු අත්තිවාරමකින් ඉහළ ව්‍යුහයේ විවෘත අවකාශය මත ඉදිව ඇති නිරීක්ෂණ මැදිරිය කුළුණේ වඩාත් ආකර්ෂණීය ස්ථානය වන අතර එහි සිට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල ශ්‍රීපාද කඳුවැටිය, කළුතර චෛත්‍ය යන ස්ථාන පියවි ඇසින් පහසුවෙන් නැරඹිය හැකි බවයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!