Gossip News

මිලි මීටර 150ට වැඩි තද වැසි..නායයාම් අනතුරු ඇගවීම් නිකුත් වෙයි – වීඩියෝ

දිවයිනේ බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම සහ දකුණු පළාත් වලට ඉදිරි පැය 24ක කාලය තුළ මිලි මීටර 150 ඉක්මවූ තද වැසි ඇද හැළෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මේ අතර අධික වැසි සමග ප්‍රෙදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කර තිබෙනවා.

ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පැවසුවේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක හතරකට මෙලෙස අනතුරු අඟවා ඇති බවයි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ඇහැළියගොඩ, අඹගමුව, බුලත්සිංහල, කිරිඇල්ල, කලවාන, වරකාපොල සහ මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වෙත පළමු සහ දෙවන අදියරේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි.

බදුල්ල සොරනාතොට ප්‍රදේශයේ ගල්පෙරලීම් වාර්තා වීම හේතුවෙන් පවුල් 88ක් ද තාවකාලිකව ඉවත් කර ඇත.

මේ අතර ඉදිරි පැය 24 තුළ බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත් වලට මිලිමීටර් 150ට වැඩි තදවැසි ඇතිවිය හැකි බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කරනවා.

ඌව, නැගෙනහිර සහ උතුරුමැද පළාත් වලට මිලිමීටර් 100ට වැඩි තදවැසි ඇතිවිය හැකියි.

මේ අතර ගතවු කාලය තුළ කළුතර, රත්නපුර,නුවරඑළිය සහ කෑගල්ල දිස්ත්‍රික්ක වලට තදවැසි ඇති වී ඇත.

ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පැවසුවේ දිවයිනේ ප්‍රදේශ කිහිපයක පහත්බිම් සහ අතුරු මාර්ග ජලයෙන් යටවී ඇති බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!