Gossip News

සෞදි අරාබියේ ඉන්ධන සැකසුම් මධ්‍යස්ථානයකට ඩ්‍රෝන ප්‍රහාරයක් – වීඩියෝ

සෞදි අරාබියේ ඉන්ධන සැකසුම් මධ්‍යස්ථානයකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

මේ හේතුවෙන් එම මධ්‍යස්ථානයේ ප්‍රධාන ඉන්දන බහාලුම් 2ක් ගිනි ගැනීමට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

යේමනයේ හවුති කැරළිකරුවන් විසින් ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවට සෞදි බලධාරීන් සැක පළ කරනවා.

කෙසේවෙතත් ප්‍රහාරය පිටුපස සිටින පාර්ශව සම්බන්ධයෙන් එරට රජය විමර්ශනයක් ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

හටගෙන ඇති ගින්න මැඩ පැවැත්වීම සඳහා කටයුතු කරමින් සිටින බව වාර්තා වෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!