Gossip News

වැටුප් ගැටලුවට රණවිරුවන් තවමත් මහමග..

වැටුප් ගැටලුව සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ආබාධිත රණවිරුවන් හා මියගිය රණවිරුවන්ගේ පවුල්වල ඥාතීන් සංවිධාන කර ඇති විරෝධතාව ඊයේ(13) රාත්‍රියේත් කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී පැවැත්වුණා.

එහිදී රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගයෙහි කැඳවුම්කරු යූ.ඩී.වසන්ත මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා මෙම විරෝධතාවය පිළිබඳව මාධය වෙත සිදු කළ ප්‍රකාශයට ප්‍රතිචාර දැක්වූවා.

වැටුප් ගැටලුවලට විසඳුම් ඉල්ලා ආබාධිත රණවිරුවන් හා දිවිපිදූ රණවිරුවන්ගේ ඥාතීන් පිරිසක් ආරම්භ කළ විරෝධතාව මේවනවිටත් පැවැත්වෙනවා.

විරෝධතාකරුවන් කොටුව දුම්රියපොළ ඉදිරිපිට සවිකර තිබූ ආවරණය ඊයේ කොටුව පොලිසිය විසින් ඉවත් කෙරුණු අතර ඊයේ මධ්‍යම රාත්‍රියේ ඇදහැලුණු වර්ෂාව මධ්‍යයේත් ඔවුන් එම ස්ථානයේ සිට සිය විරෝධතාව සිදුකළ බව අප වාර්තාකරු පවසනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!