Gossip

ගුවන්යානය එකපාරටම පැත්තකට ඇළවෙලා ලිස්සලා ගිහින් – සිදුවෙන්නට ගිය මහා විනාශයක් වළක්වාගෙන යානයේ සියලු දෙනා බේරාගත් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අපේ නියමුවා

අධික වැසි සහ දැඩි සුළං මධ්‍යයේ ඉන්දියාවේ කොචින් අන්තර්ජාතික ගුවන්තොටුපළ වෙත ගොඩබාමින් තිබූ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් සිදු වීමට ගිය අනතුරකින් මුදවා ගෙන යානයේ ගමන් කරමින් සිටි 240 දෙනෙකුගේ ජිවීතය බේරා ගත් ගුවන් නියමුවෙක් ගැනයි අපි මේ කියන්න යන්නේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මාධ්‍ය ප්‍රකාශක දීපාල් පෙරේරා මාධ්‍යයට පැවසුවේ සිදුවීමට ගිය මහා අනතුරක්‌ වළක්‌වා ගනිමින් සාර්ථකව ගොඩ බෑමට එහි නියමුවා සමත් වී ඇති බවයි.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ. එල්. 167 දරන ගුවන් යානය ශ්‍රී ලංකා වේලාවෙන් පස්‌වරු 3.30 ට කොචින් අන්තර්ජාතික ගුවන්තොටුපළ වෙත ගොඩ බෑමට සූදානම් වෙද්දී එම ගුවන්තොටුපළ අවට දැඩි සුළං සහ අධික වැසි සහිත අයහපත් කාලගුණික තත්ත්වයක්‌ පැවති අතර මෙම යානය තුළ මගීන් 228 ක්‌ සහ කාර්ය මණ්‌ඩලය 12 ක්‌ සේවය කරමින් සිට තිබෙනවා.

මෙවැනි අයහපත් කාලගුණික තත්ත්වයක්‌ යටතේ කොචින් ගුවන්තොටුපළ වෙත ගොඩ බාමින් තිබූ මෙම ගුවන් යානය එකවරම එක පසෙකට ඇළවෙමින් ලිස්‌සා ගොස්‌ එම ධාවන පථය තුළ සවිකර තිබූ විදුලි පහන් කිහිපයකට හානි සිදු වී ඇති බවයි වාර්තා වන්නේ.

එහෙත් පසුව මෙම යානයේ නියමුවා මෙම දුෂ්කර තත්ත්වයේ වුව ද යානය පාලනය කරගනිමින් එහි වූ මගීන්ට කිසිදු කරදරයක්‌ නොවන පරිදි සාර්ථකව කොචින් අන්තර්ජාතික ගුවන්තොටුපළ වෙත ගොඩබෑමට සමත් වී ඇති බව මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!