මේදිනවල සමාජජාල වෙබ් අඩවිවල හුවමාරු වන ඡායාරූප කිහිපයක් ගැන හැමෝම කථාවුණා.
ඒ තමයි රත්තරන් ආලේපිත කාර් රථයක ඡායාරූප.
රත්තරන් කාර් කාර් එකක් පදින්නනම් ඒකේ අයිතිකාරයා කෝටිපතියෙක් වෙන්නෙපැයි.
මේ වගේ කාර් එකක් ලංකාවේ පාරකත් දුවනවා කියලා තමයි සමාජජාල මාධ්‍යවල දක්වා තිබුණේ.
රත්තරන් කාර් එකක් පදින්න තරම් ඉන්න සල්ලිකාරයා කවුද? නැත්නම් කවුරුහරි දේශපාලඥයෙකුගේද කියන ප්රශ්නය තමයි මේක දැකපු හැමෝටම තිබ්බේ.
හැබැයි මේක ඇත්තම රත්තරන් කාර් එකක්නම් නොවෙයි. මේ කාර් එකේ රත්තරන් පාටට ස්ටිකරයක් ගහලා තියෙන්නේ.
