කෝට්ටේ රජමහා විහාරස්ථානයේ වාර්ෂික දළඳා පෙරහැරේ ගමන් කළ අලි දෙදෙනෙකු ඊයේ රාත්‍රියේ කුලප්පුවීමෙන් පෙරහැර නැරඹීමට පැමිණි පුද්ගලයින් 17 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඒ අතර කාන්තාවන් 12 දෙනෙකු වන බවයි. තුවාල ලැබූවන් කළුබෝවිල, ශ්‍රී ජයවර්ධනපුර සහ කොළඹ ජාතික රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබනවා.