Gossip News

එල්ලූම්ගහට යන්න කලින් ගෙල වැලලාගෙන

මරණීය දණ්ඩනයට නියමව පල්ලේකැලේ බෝගම්බර බන්ධනාගාරයේ සිටි රැඳවියකු බන්ධනාගාරයේ ඊ වාට්ටුවේදී ගෙල වැලලාගෙන මියගොස් ඇත. මේ බව ඉරිදා (31 දා) අලූයම නිලධාරීන් සොයාගෙන තිබිණ.

බන්ධනාගාරයේ අධිකාරිවරයා විසින් කරන ලද පැමිණිල්ලක් අනුව පල්ලේකැලේ පොලිසිය පරීක්ෂණයක් පවත්වන ලදී.

මියගිය මහියංගන අරුවත්ත ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වූ නිමල් රත්නායක නමැති 36 හැවිරිදි මෙම මරණකරු බදුල්ල මහාධිකරණයේ විභාග වුණු නඩුවකදී මරණ දඬුවම ලැබූ අයකු බව පරීක්ෂණවලදී අනාවරණ වී ඇත.

තෙල්දෙණිය වැඩබලන මහෙස්ත‍්‍රාත් සරත් පේ‍්‍රමකුමාර මහතා පල්ලේකැලේ පොලිසිය හා සමග ස්ථාන පරීක්ෂණයක් පවත්වා මහනුවර ජාතික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා මගින් පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝග කළේය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!