පාතාල කල්ලි නායකයෙක් වන මාකඳුරේ මදූෂ් ඇතුළු තවත් පාතාල නායකයින් පස් දෙනෙක් අද ඩුබායිහිදී අත්අඩංගුවට ගැනුණා.
කෙසේවෙතත් අත්අඩංගුවට පත් පිරිස අතර අමල් පෙරේරා, ඔහුගේ පුත් නැදිමාල් පෙරේරාද සිට ඇති බවට ඡායාරූප මගින් පෙනෙන්නට තිබුණා.
කෙසේවෙතත් මාකඳුරේ මදූෂ් විසින් සංවිධානය කර තිබූ සාදයක් අතරතුර මෙම වැටලීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම එම ස්ථානයේ තිබූ මත්ද්‍රව්‍ය තොගයක් ද ආරක්ෂක අංශ භාරයට ගෙන තිබෙනවා.
මේ පිළිබඳව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබෙනවා.
එහි සටහන්ව තිබුණේ “එල්ලන්න පටන් ගනිමු මුන්ව” යනුවෙන්.
