ප්‍රභාකරන්ගේ උපන් දිනය නිමිති කරමින් මිය ගිය කොටි ත්‍රස්තයන් සමරන මහා විරු සැමරුම ඊයේ යෙදී තිබුණා. මෙරට තහනම් සංවිධානයක් වන කොටි සංවිධානයට සම්බන්ධ කිසිදු සැමරීමක් හෝ උත්සවයක් මෙරට නීතියට අනුව කළ නොහැකියි. එය දඬුවම් ලැබිය හැකි වරදක් වනවා.
කෙසේ වෙතත් මෙම තහනම නොතකමින් යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් කණ්ඩායමක් මහා විරු සැමරුම සමරා තිබුනා. ඒ සම්පූර්ණ විශ්ව විද්‍යාල පද්ධතියෙන්ම සිංහල ශිෂ්‍යයන් ඉවත් කරමින්, විශ්ව විද්‍යාලය පරිශ්‍රයම වසා දමමින් බවට වාර්තා වෙනවා.
ශ්‍රී ලංකා නීතියෙන් තහනම් ත්‍රස්තවාදී සංවිධානයක සැමරුම් උළෙලක් සිය සරසවි භූමියේ පැවැත්වීමට ඉඩ දීම තුලින් යාපනය විශ්ව විද්‍යාලයේ උපකුලපති ඇතුලු පාලක මණ්ඩලයේද සහය ලැබී ඇත්දැයි සොයා බැලිය යුතු බවට චෝදනා එල්ල වෙනවා.
කෙසේ වෙතත් මෙම කොටි සැමරුම පිළිබඳ යාපනය විශ්ව විද්‍යාලයේ ෆේස්බුක් පිටුව මගින් සටහනක් තබා තිබුනා. එහි දක්වා තිබුනේ මෙලෙසට මිය ගිය පුද්ගලයන් තමන් වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ පුද්ගලයන් බවයි.
එම ෆේස්බුක් සටහන පහතින්,
“අපි මෙලෙස මහ විරු දිනය සිහිපත් කරනුයේ රට අල්ලා ගැනීමට නොව.
ඔබලාට එරෙහිව ආයුධ අතට ගත් බව සිහිකිරීමට ද නොව.
ඔබත් සමඟ අපට ගැටුම් තිබෙන බව ද සිහිකරන්න නොව.
ඔවුන් අපේ දරුවන්ය.
ඔවුන් අපේ සහෝදරයින්ය.
ඔවුන් අපගේ මිතුරන්ය.
ඒ සෑම දෙයකටම වඩා ඔවුන් අප වෙනුවෙන් ජීවිත කැප කළ මිනිසුන්ය.
ඔබ ඔවුන්ව විරුවන් ලෙස පිළි ගත යුතු නැත.
ඔබ ඔවුන්ට වන්දනා මාන කළ යුතු නැත.
එහෙත් ඔවුන් කෙරෙහි අප හද තුළ ඇත්තේ භක්තියක් නැතිනම් ගරුත්වයක් බව පිළිගන්න. එයම පමණක් අපට ප්‍රමාණවත්ය.
එතුමන්ලා අපි වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරපු පිරිසක් බවට වන සත්‍ය පිළිගත් අප හදවත් බිඳ නොහරින්න.
මේ යතාර්ථය තේරුම් ගත් විට අප රටේ හිරු උදාකර දීමට අහස සුදානම් වනු ඇත.”
මින්පෙර දෙමළ දේශපාලන පක්ෂ සඳහා ජනපතිවරණයට සහය දීම සදහා ජාතිවාදී කොන්දේසි 13ක් ඉදිරිපත් කළේද යාපනය සරසවි සිසුන් විසිනි. එහිදි උතුරු නැගෙනහිර සියලුම සිංහල වැසියන් එලවා දැමීම වැනි ජාතිවාදී යෝජනාද එහි අඩංගු වූවා.
සැමරුම් අවස්තාවේ ඡායාරූප පහතින් ..