Gossip News

මහේල සංගා Trail පදනම මගින් යෝජිත පිළිකා රෝහලේ ඉදිකිරීම් ආරම්භ කරයි – Photos

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායකයන් වන කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන ඇතුළු තවත් කිහිප දෙනෙකුගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක Trail පදනම මගින් කරාපිටියේ ඉදි කිරීමට යෝජිත පිළිකා රෝහලේ ඉදිකිරීම් ආරම්භ කර තිබෙනවා.

කරාපිටිය ශික්ෂණ රෝහලට සම්බන්ධව මහල් 10 කින් සමන්විතව මෙම පිළිකා රෝහල ඉදිකිරීමට සැළසුම් කර ඇති අතර මේ වෙනුවෙන් මුදල් උපයා ගැනීම සඳහා Trail පදනම මගින් විවිධ වැඩසටහන් සංවිධානය කළ අතර ඒ සඳහා ජනතාව සිය මුදල් පරිත්‍යාග කර තිබුණා.

Trail පදනම සඳහන් කළේ විවිධ බාධක මධ්‍යයේ හා ලබාගත් අනුමැතියන්ගෙන් පසුව මෙසේ ඉදිකිරීම් ආරම්භ කළ බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!