අනුරාධපුර විදුහලක් ආසන්නයේ හෝටල් කාමරයක තිබී ආබාධිත හමුදා සෙබළෙකුගේ මළ සිරුරක් සොයා ගෙන තිබෙනවා.
එලෙස මිගොස් ඇත්තේ, ගම්පහ කිරිඳිවැල ප්‍රදේශයේ පදිංචිව සිටි 36 හැවිරිදි, ආබාධිත යුද හමුදා සෙබළෙකු බව පොලීසිය පවසනවා.
එම සෙබළා අනුරාධපුර, මාතලේ හන්දිය ප්‍රදේශයේ පදිංචිව සිටින තම පෙම්වතියගේ නිවසට පසුගිදා පැමිණ ඇති බවට වාර්තා වෙනවා.
ඉන් අනතුරුව මෙම හෝටලයට ගොස් පෙම්වතියගේ සහෝදරයන් දෙදෙනෙකු සමග මත්පැන් පානය කර තිබෙන බවට සිදුකළ විමර්ශනවලදී හෙළිව තිබෙනවා.
අධික ලෙස මත්පැන් පානය කිරීමෙන් අනතුරුව මත්වී සිටි තම නැගණියගේ පෙම්වතා හෝටල් කාමරයක් තුළ නිදිකරවා තමන් එයින් පිටව ගිය බව පෙම්වතියගේ සහෝදරයෝ දෙදෙනා කියා ඇති බව වාර්තා වෙනවා.
මරණකරු නවාතැන් ගෙන සිටි හෝටලයේ සේවකයකු ඊයේ (21) කාමරයේ දොරට තට්ටු කළත් ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් උදෑසන නවයට පමණ කාමරයේ දොරගුළු විවෘත කළ අවස්ථාවේ මෙම පුද්ගලයා ඇඳ මත මිය ගොස් සිටි බව දැන ගැනීමෙන් අනතරුව පොලීසියට පැමිණිලි කිරීමට කටයුතු කර තිබෙනවා.