Gossip

නිරෝධායනයට යොමුකළ නිවසේ අය මංගල උත්සවයකට ගිහින්

ලබුනෝරුව, කඳුපාගම ප්‍රදේශයේ නිරෝධායනයට යොමුකළ නිවසක් පරීක්ෂාවට ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට එන්න වුණේ හිස් අතින්.

නිවැසියන් ගැන විපරම් කිරීමේ දී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට දැනගන්න ලැබුණේ නිවැසියන් මංගල උත්සවයකට සහභාගීවීමට නිවසෙන් පිටත් ව ගොස් ඇති බවයි.

වහාම ක්‍රියාත්මක වු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඔවුන් ගැන සොයාබලලා.

එහිදී එම නිවසේ සිටි කාන්තාව සහ ඇඟේ දියණිය යතුරුපැදියකින් මංගල උත්සවයට යමින් සිටිය දී හමු වී ඇති අතර ඔවුන් ට අවවාද කළේ නැවතත් නිවසට යන ලෙසයි.

අවවාදයට ලැබුණු පිළිතුරු නම් එතරම් හොඳ එකක් නෙමෙයි.

අවවාදයට පිළිතුරු දුන් කාන්තාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට පරුෂ වචනයෙන් බැණවැදී තර්ජනය කරලා.

ඇය කඳුපාගම, ලබුනෝරුව පදිංචි 45 හැවිරිදි කාන්තාවක්.

අදාළ කාන්තාව දැන් ප්‍රදේශයෙන් අතුරුදන් වෙලා.

මොරගොඩ පොලීසිය කියන්නේ අතුරුදන් වු කාන්තා ව අත්අඩංගුවට ගන්න මෙහෙයුම් දියත් කර ඇති බවයි.

පොලීසිය පවසන්නේ ඇයව අත්අඩංගුවට ගත් විගසම පළමුවෙන්ම වෛද්‍ය පරීක්ෂණයකට යොමුකරනවා කියලයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!