Gossip

ත්‍රිකුණාමලය කඳුලින් නැහැවෙයි – පාසල් ළමුන් රැගත් පාරුවක් කළපුවේ පෙරළෙයි – ඡායාරූප

ත්‍රිකුණාමලය, කින්නියා, කුරුඤ්ඤංකර්නි ප්‍රදේශයේ කළපුවක පාරුවක් පෙරළීමෙන් ළමුන් පිරිසක් අතුරුදන් වී ඇති බව වාර්තා වුණා.

පොලීසිය පැවසුවේ එම පාරුවේ පාසල් ළමුන් සහ ගුරුවරු 30 දෙනෙක් පමණ ගමන්කර ඇති බවයි.

ඉන් ළමුන් 7 දෙනෙක් පමණ ගොඩට පිහිනා බේරී ඇති බවත් වාර්තා වුණා.

අප වාර්තාකරු පැවසුවේ තාවකාලික පාරුවේ ගමන්කළ 5 දෙනෙක් පමණ මියගොස් ඇති බවට විශ්වාස කෙරෙන බවයි.

ප්‍රදේශයේ පිරිස් එකතුව අතුරුදන් වූවන් සොයා මෙහෙයුම් සිදුකරන බව සඳහන් වෙයි.

මේ අතර පොලීසිය පැවසුවේ මේ වනවිට එම සිද්ධියෙන් 6 දෙනෙක් දියේ ගිලී අතුරුදන්ව ඇති බවත් 11 දෙනෙක් රෝහල්ගත කළ බවත් ය.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!