Gossip

වගකීම අමතක වූ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් නායකයාට සිදුවුණු දේ

“මම අද ඔස්ට්‍රේලියානු ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත්වෙනවා. ඒක ඉතා අපහසු තීරණයක්. නමුත් මම හිතන්නේ මම වෙනුවෙන් මෙන්ම මගේ පවුල සහ ක්‍රිකට් වෙනුවෙන් ගත් නිවැරදි තීරණයක් ලෙසයි එය මම දකින්නේ.”

ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් නායක ටීම් පෙයින් සිය තනතුරින් ඉල්ලා අස්වීමට සිදුව ඇත්තේ කාන්තා සගයෙකුට “අනවශ්‍ය දෑ සඳහන් කරමින්” කෙටි පණිවුඩ යැවූ බවට ඔහුට එල්ල වී ඇති චෝදනාවයි.

එළඹෙන දෙසැම්බර් 08 වනදා එංගලන්තය සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයට සූදානම් වෙමින් සිටින මොහොතේ ඇතිවූ සිද්ධියෙන් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් බලධාරීන් අතර ඇතිව ඇත්තේ ව්‍යාකූල බවක්.

කණ්ඩායමට යුහුසුළුව නායකයෙක් නම් කරන බව ඔවුන් පැවසුවා.

පසුගියදා පළවූ මාධ්‍ය වාර්තාවක එම සිද්ධිය ගැන සඳහන් කරමින් පෙයින් ගේ නම සඳහන් වී තිබුණා.

36 හැවිරිදි පෙයින් අද (19) මාධ්‍යවේදීන් හමුවේ පැවසුවේ තමා නායකත්වයෙන් ඉවත් වන බවත් නමුත් ටෙස්ට් කණ්ඩායමේ කඩුලු රකින්නා ලෙස අවස්ථාව ලැබෙතැයි බලාපොරොත්තු වන බවයි.

එම සිදුවීම 2017දී පළමුව වාර්තා වූ අතර එහිදී ඔස්ට්‍රේලියා සහ ටැස්මේනියා ක්‍රිකට් බලධාරීන් සිදුකළ පරීක්ෂණයකින් අනතුරුව ඔහුට එරෙහි චෝදනා ඉවත දැමිණි.

“මගේ තීරණය ගැන තොරතුරු හෙළි කරන්න කැමතියි. මීට වසර 4කට පමණ පෙර මම මගේ ගැහැණු සගයෙක් එක්ක කෙටි පණිවුඩ හුවමාරු කරගත්තා. නමුත් ඒ පිළිබඳව ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය පරීක්ෂණයක් පැවැත්වුවා. මම ඊට සම්පූර්ණ සහාය දුන්නා. ඒ සම්බන්ධයෙන් ටැස්මේනියා ක්‍රිකට් ආයතනයත් පරීක්ෂණයක් පැවැත්වූවා. නමුත් එම පරීක්ෂණ වලින් මාව නිදහස් වුණා. නමුත් මම ඒ සිද්ධිය ගැන සැමවිටම කණගාටු වෙනවා. මම ඒ සම්බන්ධයෙන් මගේ බිරිඳ සමග කතාකළා ඇය එය තේරුම් ගත්තා. මම ඒ ගැන ඇයට ස්තූතිවන්ත වෙනවා.”

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!