ගෙල සිරකර ඝාතනය කරන ලද කාන්තාවකගේ සිරුරක් නිවසක් තුළ තිබියදී පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.
පොලීසිය පැවසුවේ අයන් එකක වයරයක් ආධාරයෙන් ඇයගේ ගෙල සිරකර ඝාතනය කර ඇති බවයි.
එම සිද්ධිය වාර්තා වුණේ ඌරගස්මංහන්දිය කොරකීන ප්‍රදේශයෙන්.
විවාහ නොවී වසර 6ක පමණ කාලයක් නිල්මිණී සහ නිහාල් එකට වාසය කර ඇති යුවළකි.
ඉකුත් 20 වනදා රාත්‍රියේ දෙදෙනා අතර ඇතිවූ ආරවුලක් දුරදිග යෑමෙන් මෙම අපරාධය සිදුවී තිබුණා.
එලෙස ඝාතනය වී ඇත්තේ 36 හැවිරිදි කාන්තාවක් වන අතර ඇය පළමු විවාහය අතහැර 39 හැවිරිදි අදාළ පුද්ගලයා සමග පැමිණ වාසය කර තිබෙනවා.
ඇයව ඝාතනය කළ එම පුරුෂයා ඇයගේ දේහය ළඟ මල්කළඹක් තබා එම කාමරය තුළදීම ඔහුද ගෙල වැලලාගෙන මියගොස් තිබුණා.
එම කාන්තාවගේ නැගණිය විසින් ඊයේ ඇයගේ දුරකථනයට ඇමතුම් ගෙන තිබුණත් ඇය පිළිතුරු නොදීම හේතුවෙන් ඒ පිළිබඳව පොලීසියට දැනුම්දී තිබෙනවා.
ඒ අනුව පොලීසිය අදාළ නිවස පරීක්ෂා කිරීමේදී මියගිය දෙදෙනාගේ සිරුරු සොයා ගත්තා.
ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.