Gossip

සය නිවුන් දරු උපතේ වීඩියෝව

අද (21) කොළඹ නයින්වෙල්ස් රෝහලේදී සය නිවුන් දරු උපතක් සිදුවිය.

එම දරු උපතේ වීඩියෝව මේ වනවිට රෝහල විසින් නිකුත් කර තිබේ.

මෙය සැලකෙන්නේ මෙරටදී වාර්තා වූ ප්‍රථම සය නිවුන් දරු උපත ලෙසය.

කොළඹ අයි.ඩී.එච්. ප්‍රදේශයේ 31 හැවිරිදි මවක දාව උපන් එම දරුවන් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවෙයි.

එම දුර්ලභ දරු උපත සිදුවී තිබුණේ මධ්‍යම රාත්‍රී 12.16ත් – 12.18ත් අතර කාලයේ දීය.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ටිරාන් ඩයස් මහතාගේ මූලිකත්වයෙන් සිදුකෙරුණු සිසේරියන් සැත්කමක් මඟින් දරු උපත සිදුවී තිබුණි.

දරුවන් හයදෙනා අතරට ගැහැණු දරුවන් තිදෙනෙකු අයත් ය.

වීඩියෝව පහතින්,

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!