Gossip

දකුණේ අවිආයුධ ජාවාරම්කරුවෙක් STF මෙහෙයුමකින් කොටුවෙයි

දකුණු පළාතේ මහපරිමාණයෙන් අවිආයුධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරත පාතාල ක්‍රියාකාරිකයෙකු ලෙස සැලකෙන 26 හැවිරිදි පුද්ගලයෙකුව පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අද අත්අඩංගුවට ගත්තා.

එම වැටලීම සිදුකර තිබුණේ තිහගොඩ පොලිස් වසමේ යටියන – කැකණදුර මාර්ගයේ, යටියන වලව්ව ආසන්න මාර්ගයේදී.

සැකකරු අත්අඩංගුවට පත්වෙන අවස්ථාවේ ඔහු සන්තකයේ හෙරොයින් මත්ද්‍රව්‍ය, බෝර 12 ගිනිඅවියක්, ඊට යොදන උණ්ඩ 10 තිබී සොයාගෙන තිබෙනවා.

පුද්ගලයෙකු කපාකොටා ඝාතනය කිරීමට තැත් කිරීම, පුද්ගලයින්ට පහරදීම හා කාන්තාවන් පැහැරගෙන යෑම්වලට අදාළව ඔහුට නඩු කිහිපයක් පවතින බවද අනාවරණය වී තිබෙනවා.

ඔහුගේ නිවස ද මීට පෙර අවස්ථා කිහිපයකදී තිහගොඩ පොලීසිය, පොලිස් විශේෂ කාර්යාංශය හා කොට්ඨාස බුද්ධි ඒකකය මෙන්ම අපරාධ අංශය හා දූෂණ මර්ධන ඒකකය මගින් පරීක්ෂා කර තිබුණා.

මෙම පුද්ගලයාගේ වැඩිමල් සහෝරයෙකු විශේෂ කාර්ය බලකාය මගින් මීට ඉහතදී අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගැණුනා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!