Gossip

පොලිස් නිලධාරියාගේ ඉවසීම පැන්න හේතුව

රථවාහන පොලිස් නිලධාරියෙකු විසින් තරුණයින් දෙදෙනෙකුට පහරදෙන සිද්ධිය සම්බන්ධයෙන් වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණයවෙමින් තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ වී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා.

මේ වනවිට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති පොලිස් නිලධාරියාගේ වැඩ තහනම් කර තිබෙනවා.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ මෙම සිද්ධියට ජාතිවාදි ස්වරූපයක් දීමට තැත් නොකරන ලෙසයි.

මෙමස සිද්ධිය ඇතිවී තිබුණේ මඩකළපුව එරාවූර් ප්‍රදේශයෙන්.

එලෙස යතුරුපැදිකරුවෙකුට හා පසුපැදිකරුට පොලිස් රථවාහන රාජකාරියේ නිරතව සිටි නිලධාරියෙකු පහරදෙන අයුරු ජංගම දුරකථනයකින් වීඩියෝ කර තිබුණා.

පහරදීම සිදුවන්නේ මඩකළපුව එරාවූර් කලපුව පාරේ ආහාර වෙළෙඳසැලක් ඉදිරිපිටදී.

රිය අනතුරක් සිදුවූ ස්ථානයක මැනීම් කටයුතු සිදුකළ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධාවන අයුරින් අධික වේගයෙන් මෙම යතුරුපැදිය ධාවනය කර තිබෙනවා.

එහිදී අදාළ ටේප් එකද ඇදගෙන ඔවුන් දෙදෙනා යතුරුපැදියේ ගමන් කර ඇති බව වාර්තා වුණා.

එහිදී යතුරුපැදිය නවතන ලෙසට අණ කර තිබුණ ද එය නොතකා යතුරුපැදිකරු මඩකලපුව එරාවූර් කළපුව පාර, පටු මාවත ඔස්සේ අධික වේගයෙන් යතුරුපැදිය ධාවනය කර තිබුණා.

පසුව නිලධාරීන් එම යතුරුපැදිය හඹා ගොස් ඇති අතර ආහාර අලෙවිසැලක් අසල නවතා තිබියදී යතුරුපැදිය සොයාගැණුනා.

පහරදීම සිදුවන්නේ එම අවස්ථාවේදියි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!