ඊයේ(09) රාත්රී අවසන්වූ Miss USA තරඟාවලියේ මෙවර ජයග්රාහිකාව වුයේ නෙවාඩා ප්රාන්තය නියෝජනය කරමින් පැමිණි 24 හැවිරිදි නියා සැන්චෙස් විසින්ය .
ඇය සටන් ශූරියක වන අතර ටයිකොන්ඩෝ කළු පටිධාරිණියකි.
ටයිකොන්ඩෝ සටන් කලාවට ඇය අවතීර්ණ වී ඇත්තේ වයස අවුරුදු 8 සිට බවද විදේශ වාර්තා පෙන්වා දෙයි. කාන්තාවන් ස්ත්රී දූෂණවලින් මිදීමට සටන් කළ යුතුය යන අදහසින් ඇය සමාජ සත්කාර වැඩසටහන්වල නියැළී සිටින්නියකි.