හොලිවුඩ්

උසම තරුණිය පවුල්කන්න යයි

බ‍්‍රසීලයේ දැනට උසම තරුණිය ලෙස සැලකෙන 18 හැවිරිදි  එලිසානි කෲස් සිල්වා මේ දිනවල  ඇයගේ විවාහයට සුදානම් වෙනවා.

 

මෙයා‍ගේ උස අඩි 6යි අඟල් 8ක්. එලිසානිගේ අතගන්න යන ග‍්‍රැන්සිනාල්ඩෝඩී. සිල්වා පෙම්වතාගේ උස අඩි 5යි අඟල් 4ක්. ඒ කියන්නේ එලිසානිට වඩා ග‍්‍රැන්සිනාල්ඩෝ අඩි 1යි අඟල් 4ක් කොටයි‍‍.

 

කොහොම වුණත් තමන්ගේ ආදරයට උස බාධාවක් නෙවෙයි කියලා තමයි එලිසානිගේ පෙම්වතා කියන්නේ.එලිසානි එතරම් උස තරුණියක වී ඇත්තේ ඇගේ පිටයුටරි ග‍්‍රන්ථියේ ඇතිවී තිබෙන අසාමාන්‍ය තාවයක් නිසා කියලයි කියන්නේ.

 

කෙසේ  හෝ මේ දෙන්නා දැනටමත් විවාහ ගිවිසගෙන ඉන්න බවත් මේදිනවල විවාහ උත්සවයට ඇඳුම් ආයිත්තම් සකසමින් සිටින බවත් වාර්තා වෙනවා. කොහොම වුණත් මෙයාලාගේ විවාහ උත්සවය පැවැත්වෙන දිනය නම් තවම කියලා නෑ.

brazil-model-5 1   4 brazil-model-13 2

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!