Gossip

අතීත අමනාපකම් සියල්ල අමතක කර, එජාපය හැරදමා රාජිතත් මහින්ද සෙවණට එයිද..?

මහින්ද රාජපක්ෂ මහතාව පසුගිය ජනාධිපතිවරණයෙන් පරාජය කිරීමට විශාල දායකත්වයක් ලබාදුන් කෙනෙකු ලෙස හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා හැදින්විය හැකියි.
එවන් පසුබිමක හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ නව රජයට සහය පලකිරීමට සූදානම් වන බවට පුවතක් පසුගියදා හැමතැනම වගේ පැතිරුණා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග මේ සම්බන්ධව සාකච්ඡාද පවත්වා ඇති බවට පුවතක් හෙළිවීමත් සමගයි බොහෝ දෙනා මේ ගැන විමසිලිමත් වුණේ.
රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසන්නේ හිටපු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා නව රජයට සම්බන්ධ කරගෙන සෞඛ්‍ය ඇමැති ධුරය ලබාදීමට කටයුතු කළහොත් කිසිදු පෙර දැනුම් දීමකින් තොරව අඛණ්ඩව වැඩවර්ජනයක් සිදුකරන බවයි.
එම සංගමයේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මාධ්‍යයට අදහස් දක්වමින් මේ බව කියා සිටියා.
යම් හෙයකින් රාජිත සේනාරත්න මන්ත්‍රීවරයාට සෞඛ්‍ය ඇමති ධුරය ලබාදුනහොත් එම තනතුරෙන් ඉවත් කරන තෙක්‌ වැඩවර්ජන ක්‍රියාත්මක කිරීමට තම සංගමය තීරණය කර ඇති බවයි ඔහු පවසන්නේ.
එක්‌සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්‌ටුවේ ආනන්ද හිමියන්ද තම සංගමයේ තීරණයට මේ වන විට සහාය පළකර ඇති බව පාදෙනිය මහතා කියා සිටියා.
රාජිත සේනාරත්න මහතා යනු අනාගතය දේශපාලන පරම්පරාවකට හෝ අනාගත ළමා පරම්පරාවකට ආදර්ශයක්‌ ගතයුතු පුද්ගලයකු නොවන බවත් එවැනි චරිත දේශපාලනයෙන් ඉවත්කළ යුතු චරිත බවත් අනුරුද්ධ පාදෙනිය මහතා වැඩිදුරටත් පවසා තිබුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!