Gossip

“උඹ පරිස්සමින් එනකල් පෙම්වතිය බලාගෙන ඉන්නවා ඇති.. ඔය රෝද දෙක උඩ නැගලා 40-50 වඩා Speed කරන්න කළින් තව හිතුවනම් අද මෙහෙම වෙන්නේ නෑ” – Photos

ජීවිතේ සමහර වෙලාවට හිතාගන්නවත් බැරි විදිහට කරදර අපිව හොයාගෙන එනවා.
ඒ විදිහට හීනෙකින්වත් හිතුවේ නැති දෙයක් සිද්ධ වුණොත් ඒක සමීපතමයන්ට දරාගන්න ගොඩක් අමාරුයි.
සාරංග ෂෙහාන් කියන්නේ බයික් එකට ජීවිතේටත් වඩා ආදරය කරපු තරුණයෙක්.
පසුගිය දවසක ඔහු රිය අනතුරකට ලක්වෙලා.
තමන් ආදරේ කරපු බයික් එකේ යද්දි සිද්ධවුණු අනතුරින් ඔහුට බරපතල තුවාල සිදුවෙලා තිබෙනවා.
මේ ගැන ඔහුගේ හිතවතියක් සංවේදී සටහනක් මුහුණුපොතට දමා තිබුණා.

එම සටහන පහතින්…

මං වගේම පොටෝ ගහන කොල්ලෙක්, වයස අවුරුදු විසි එකක් විසි දෙකක් වගේ වෙන්න ඇති, මම අදුනගත්තෙ ෆේස්බුක් හරහා, ඇත්තට එකම එක වතාවක් වගේ තමා හම්බෙලා කතාබහ කරල තියෙන්නෙ , මූ බයිසිකල් පිස්සෙක්, සාමාන්‍යෙන් ඔය වයසෙ කොල්ලොන්ට ඒවගේ පිස්සු තියන එක සාමාන්‍ය දෙයක්, නමුත් ඒ බයිසිකලයක් නිසා මේ කොල්ලට අද ඉන්න වෙලා තියෙන්නෙ ICU එකක ඇදක් උඩ .
මට හිතාගන්න බැරි මේ accident එක වෙන්න දවසට කලින් දවසෙම මූ මට messenger call එකක් අරං lens එකක් ගැන අහල ඊට පහුවෙනිදම මේ වගේ වින්නැහියක් වුන දේ ගැන. මචං , ඉක්මනට ඔය ඇදෙන් සම්පූර්ණ සනීප වෙලා නැගිටල කැමරාව අතට ගන්න ශක්තිය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව උඹට. ( හැබැයි මං තාම උඹට මොන වගේ damage එකක් වෙලාද කියල දන්නෙත් නෑ, ඒ damage එක ඉක්මනට recover වෙන්න පුළුවන් එකක් වේවා කියල ප්‍රාර්ථනා කරනවා.
මේ රෝද දෙක උඩ සෙල්ලම් දාන්න කොල්ලොන්ට කියන්න තියෙන්නෙ මෙච්චරයි , ලෝකයේ තියන අනාරක්ෂිතම වාහන වලින් එකක් මෝටර් බයිසිකලය කියන්නෙ, හෙල්මට් , නී ගාඩ්, ජැකට් මොනා දැම්මත් වැඩක් නෑ හරියට වේගෙන් එන වාහනේක ඇවිත් හැප්පුනොත් හරි පොඩ්ඩක් රෝදෙ එහා මෙහා වෙලා ලයිට් කණුවක හරි වැදුනොත් හරි , එක්කො මැරෙයි , නැත්තං recover කරන්න පුළුවන් හෝ බැරි ලොකු ආබාධයක් ජීවත කාලෙම තියේවි ( මුට එහෙම නොවේවා කියල ආයෙ ආයෙත් ප්‍රාර්ථනා කරනව !! 🙏🙏 )
ඒ නිසා ඔය රෝද දෙක උඩ නැගල 40-50 ට වඩා speed කරන්න කලින් තව වතාවක් හිතන්න.
මොකද උඹ ඒ රෝද දෙකේම නැගලා ගෙදර පරිස්සමෙන් එනකල් අම්ම තාත්තා , පෙම්වතිය , යාළුවො , නෑදෑයො බර ගානක් බලන් ඉන්නව කියන එක.
සමහර විට උඹ මැරෙන්න පුළුවන් ( සාරංග නෙමේ , ඌ ඉක්මනට හොද වේවි ! )
නමුත් උඹේ අර කියපු අයට වෙන්නෙ ජීවත කාලෙම උඹව මතක් කර කර ජීවත් වෙන්න.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!