Gossip

“කාර් එක අරගෙන මාස 6 ක් වගේ.. එක පාරයි කොළඹ ආවේ” – නාමල් රාජපක්ෂගේ කියලා බුකිය පුරා හුවමාරු වෙන රත්තරන් කාර් එක ගැන සියලු තොරතුරු හෙළි වෙයි – Exclusive

පසුගිය කාලේ පුරාම නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට චෝදනා එල්ල කළා. ඒ රත්තරන් අශ්වයෝ ගැන කියලා.
ඊට පස්සේ ලැම්බෝගිනි ගැන කතා කළා.
මේ කියන්න යන්නෙත් මේ දවස්වල හැමතැනම වගේ කතාවෙන තවත් රත්තරන් කතාවක් ගැනයි.
ඒ තරම් රත්තරන් කාර් එකක්.
අන්තර්ජාලය පුරාම මේ දවස්වල රත්තරන් කාර් එකක ඡායාරූපයක් හුවමාරු වෙන්නේ නව අගමැති මහින්ද රාජපක්ෂ පත්වීමත් සමඟම නාමල් රාජපක්ෂගේ රත්තරන් කාර් එක එළියට ඇවිත් කියලයි.
ඇත්තටම මේ කාර් එක කාගෙද..?
මේ ගැන ඇත්තම විස්තරේ වෙබ් ගොසිප් අපි හොයාගත්තා.
මේ කාර් එකේ හිමිකරු තමයි නිපුන කලුපහන.
නුවර පදිංචි වෙලා ඉන්න නිපුන ව්‍යාපාරිකයෙක්. නාමල් රාජපක්ෂගේ කියලා අන්තර්ජාලය පුරා පැතිරෙන මේ කතාව ගැන අහලා බලන්න වෙබ් ගොසිප් අපි නිපුනට කතා කළා.
මම මේ වාහනේ අරගෙන දැන් මාස හයක් විතර වෙනවා. මම රෙස්ටුවරන්ට් එකක් කරන්නේ.. තවම මම එක පාරයි මේ කාර් එකේ කොළඹ ඇවිත් තියෙන්නේ. කාර් එකේ පාට සුදු.
මට හිතුනා මේක රත්තරන් පාට කරන්න. ඉතිං මම ස්ටිකර් කළා සම්පූර්ණ කා එකම.. පස්සේ වාහනේ හැමලියකිවිල්ලක්ම මෝටර් රථ දෙපාර්තමේන්තුව හරහා වෙනස් කරගත්තා. කොහොම හරි මගේ කාර් එක නාමල් රාජපක්ෂගේ රත්තරන් කාර් එක කියලයි ෆේස්බුක්වල හුවමාරු වෙන්නේ..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!