නිරූපණ ක්ෂේත්රයට සම්බන්ධ වෙලා ඉන්න බොහෝ දෙනෙක් ඒ සඳහා යොමු වන්නේ නව යොවුන් වියේදීමයි. ඒවගේම ඉතා කෙටි කාලයක් තුළ ඉන් සමුගන්නත් ඔවුන්ට සිදුවෙනවා.
නමුත් නිරූපණ ශිල්පිනි යස්මින් රොසීට නම් එය අදාළ නැහැ. ඇය මේ වනවිට 59වැනි වියේ පසුවුවත් ඉතා සාර්ථක ලෙස තවමත් නිරූපණ ක්ෂේත්රයේ රැඳී සිටිනවා. මීට අමතරව යස්මින් දක්ෂ ඡායාරූප ශිල්පිනියක් සහ මැටි නිර්මණ ශිල්පිනියක්ද වෙනවා.
යස්මින්ගේ සාර්ථකත්වයට හේතුව ඇය තුළ පවතින තරුණ පෙනුමයි. මේ තරුණ පෙනුමට හේතුව ලෙස යස්මින් සඳහන් කරන්නේ කාබනික ආහාර අනුබව කිරීම සහ සමේ නිතර තෙල් ගැල්වීමයි.