හොලිවුඩ්

සුපිරි නිළි මෙගන් ෆොක්ස් ගැන හෙළිදරව්වක්

 

හොලිවුඩ් සිනමා ‍ලොව දිදුලන තරු පිරිවර අතරින් කිහිප දෙනෙකුගේ රහස් කිහිපයක් මෑතකදී හෙළිදරව් වීම නිසා තරමක නොසන්සුන්කාරී බවක් මතුවෙලා. රසික රසිකාවන් අතර නමක් දිනා සිටින මේ ජනප්‍රිය නළු නිළියන්ගේ ජීවිතවල ඇතුළාන්තය හෙළි කර තිබුණේ වෙබ් අඩවි කිහිපයක්. ඒ සැඟවුණු තොරතුරු අතරින් වඩාත් ම කැපී පෙනුණේ ටෝබී මැගුවයර් (ස්පයිඩර් මෑන් චරිතය නිරූපණය කළේ ‍‍ටෝබී යි) සහ ජනප්‍රිය නිළි මෙගාන් ෆොක්ස් ගැන හෙළි වූ ‍‍තොරතුරුයි.

ටෝබී මැගුවයර් ගේ පියා බැංකු මංකොල්ලයකට හසුවූ අයකු බවයි එම තොරතුරුවල සටහන් වන්නේ. 1993 දී සිය උපන් ‍ප්‍රදේශය වන රෙසෙඩා හි බැංකුවක් මංකොල්ල කෑමේ වරදට ටෝබීගේ පියා දෙවසරක් සිර දඬුවම් විඳි බවයි පැවසෙන්නේ. කෙසේ වෙතත් ටෝබි තම පියාට ‍මේ වරදට සමාව දී තිබෙනවාලු. දැන් නම් ඔහු එවැනි අපරාධ සිදු කරන්නේ නැතිලු.

අනෙක් හෙළිදරව්ව මෙගාන් ෆොක්ස් ගැනයි. ඇයට නොයෙක් අමතකවීම් සිදුවෙනවාලු. ඇගේ වැඩවල ද පිළිවෙළක් නැතිලු. නිවෙසේ තැන් තැන්වල ඇය හැඳ සිටි ඇඳුම් විසිරී තිබෙනවාලු.

 

1 2 3 4 5 6 7

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!