පසුගිය 25 වනදා දෙහිවලිදී නොසිතූ මොහොතක අනතුරට ලක්ව ලොවින් සමුගත් තරුණියන් අතර සිටි ඉමේෂා පෙරේරාගේ ෆේස්බුක් ගිණුම මේ වන විට වෙනස් වී තිබෙනවා. ඒ ෆේස්බුක් සමාගම පසුගියදා හඳුන්වාදුන් වෙනස්කමක්ද සමඟින්.
එහිදී ෆේස්බුක් ගිණුම භාවිතා කරන පුද්ගලයා මියගිය පසුව එය වෙනත් අයෙකුට පැවරීමේ හැකියාව පවතිනවා.
මෙය අදාල පුද්ගලයා ජීවත් සිටින කාලයේදී තීරණය කළයුතු අතර පසුව එහිදී මියගිය පුද්ගලයා තීරණය කර තිබූ පරිදි එහි වෙනස්කම් තමන් කැමැත්ත ලබාදුන් පුද්ගලයාට සිදුකිරීමට හැකියාව ලැබෙන අතර ඒ අනුව දෙහිවලදී මියගිය ඉමේෂාගේ ෆේස්බුක් ගිණුමට මේ වන විට Friend Request හෝ මැසේජ් යැවීමේ හැකියාවක් නැහැ.
ඒ අනුව ඇයගේ ගිණුම ෆේස්බුක්හි මතකයන් අතරට එක්ව ඇත්තේ මේ ආකාරයෙන්
