Gossip

19 වනදාට විවාදය පැවැත්වීමට බෑ – සමන්තබද්‍ර හිමිට රතනසාර හිමිගෙන් පිළිතුරු

සිරි සමන්තබද්‍ර හිමියන් සමග විවාදයකට පැමිණීමට පෙර ඒ සඳහා මහනායක හිමිවරුන්ගේ අවසරය ලබාගත යුතු බව පූජ්‍ය විල්ගමුවේ රතනසාර හිමියන් පවසනවා.

වෙබ් ගොසිප් වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් උන්වහන්සේ සඳහන් කලේ සමන්තබද්‍ර හිමියන් සඳහන් කරන පරිදි ලබන 19 වන ඉරිදා විවාදයක් සදහා පැමිණිය නොහැකි බවයි. සිරි සමන්තබද්‍ර හිමි සමග බුදු දහම පිළිබද විවාද කිරීමට සුදානම් බව පූජ්‍ය විල්ගමුවේ රතනසාර හිමියන් ඉකුත් දා ෆේස්බුක් සමාජජාල වෙබ් අඩවියට විඩියෝවක් මුදාහරිමින් ප්‍රකාශ කලා.

ඒ අනුව ලබන ඇසල පොහොය දින තමන් අදාල විවාදය සදහා සමන්තබද්‍ර හිමියන් රැදි සිටින සිරි සදහම් ආශ්‍රමයට පැමිණෙන බවයි උන්වහන්සේ එහිදී කියා සිටියේ.

එමෙන්ම උන්වහන්සේට මේ මස 19 වනදාට පැමිණීමට නොහැකි වන්නේ දඹදිව වන්දනාවේ යාමට ඇති නිසා බවත් සඳහන් කළා.

උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේ ලබන වෙසක් පෝය සහ පොසොන් පොහොය දිනයන්වල පැමිණීමට නොහැකි වන්නේ එම පොහොය දිනයන්වල වැඩසටහන් කිහිපයක් භාරගත් නිසා බවයි.

 

2 Comments

2 Comments

  1. Ayyo salli

    March 17, 2017 at 6:28 pm

    Koduru thel hath pattekuth tawa poddak

  2. Gayan

    March 28, 2017 at 5:27 pm

    බුදුන් වහන්සේ සහ උන්වහන්සේගේ ආර්ය ශාසනය අවමානයටත් නිග්‍රහයටත් ලක්වන අයුරින් ක්‍රියා කරන භික්ෂුන් අද හැමතැනම සිටී. සමන්තභද්‍ර යනු ඔවුන්ගෙන් එකෙක් පමණකි. දේශපාලකයන්ගේ බල තණ්හා ඉටුකරදීම සඳහා චීවරය ගණිකා වෘත්තියේ යොදවන භික්ෂුන් බොහෝ ඇත. එමෙන්ම යන්ත්‍ර මන්ත්‍ර, වෙදකම් බිස්නස් සඳහා සිවුර යොදාගන්නා පාහරයන්ද බොහෝ ඇත. කුමක් හෝ ඇට කෑල්ලක් හෝ මී බෙට්ටක් කරඬුවක දමාගෙන ඒ සර්වඥයන් වහන්සේගේ ශාරීරික ධාතුන් යයි කියමින් අහිංසක සැදැහැවතුන් නොමග යවමින් ඔවුන් ලවා ඒවාට වැඳුම් පිදුම් කරවමින් සුඛොපභෝගී ජීවිත ගෙවන හොර තක්කඩියන් ද බොහෝ ඇත. බුදුන් වහන්සේගේ නිර්වාන ධර්මය දේශනා නොකර බන දෙසනවා යයි කියමින් නොයෙක් සම්පප්ප්‍රලාප, විහිළු, කවි, වාචාල කතා සහ හින්දු ධර්මය උගන්වන භික්ෂුන් ද බොහෝ ඇත. මේ සියල්ල චීවරධාරීන්ගේ චරියාව පිලිබඳ ප්‍රශ්නයි.

    අද කාලේ බෞධයන්ද කහපාට රෙදිවල ශුද්ධත්වයක් ඇත යන මිත්‍යා විශ්වාසය මත පිහිටා මේ සියලු හොර තක්කඩියන්ට වැඳුම් පිදුම් කරති. බුදු දහම වනසන මුන්ව පලවා හැරීම වෙනුවට බුද්ධ පුත්‍රයන්ට පිදිය යුතු පුද සත්කාර මේ හොරුන්ට පුදති. ඉතින් මේ සියල්ලටම අනුමැතිය දෙමින් අනුබලය ලබා දෙන්නේ කහ රෙදිවලට රැවටෙන, සිවුරු පොරවාගත් හොරුන්ටත් කිසිම විලි ලැජ්ජාවක් නැතිව “බුද්ධ පුත්‍රයන්” යයි කියන බෞද්ධයන්මය.

    ඒ කෙසේ වෙතත් මේ රතනසාර හිමියන් නම් මේ අභියෝග කරන්නේ ප්‍රසිද්ධිය සඳහා බව පැහැදිළිය. විවාදය සඳහා පොහොය දිනයක පමණක් පැමිණිය හැකිය කියාත් ඒ සඳහා තවත් පොහොය 4ක් ගෙවෙන තෙක් කල්ගන්නේත් එනිසාය. ඒ මාස ගණන තුල දහම් දේශනා සඳහා ආරාධනා ලබා ගැනීම සඳහා ඔහු internet එකේ දැන්වීමක්ද දාගෙන තිබේ. මේ ප්‍රසිද්ධිය සඳහා උපක්‍රමයකි. සාකච්චාව බුදු දහම පිළිබඳව නම් ඒ සඳහා විවාද අවශ්‍ය නැත. පොහොය දිනයක් එනකම් බලාගෙන සිටීමටද අවශ්‍ය නැත. වෙන ඕනෑම දිනයක දෙදෙනාටම පහසු වෙලාවක ධර්ම සාකච්චාවක් පැවැත්විය හැක. මාධ්‍ය වේදීන්ට සහ අන් භික්ෂුන් වහන්සේලාටද ආරාධනා කර ධර්ම සාකච්චාවක් පැවැත්විය හැක. නමුත් එසේ නොකරන්නේ මේ ධර්මය පිලිබඳ අභියෝගයක් නොවන නිසාය.

    19දා ට මේ විල්ගමුවේ රතනසාර හිමියන්ට පැමිණිය නොහැක්කේ දඹදිව වන්දනාවේ යන නිසාලු. ඉතින් ගඩොල් වන්දනා සඳහා ඉන්දියාවට යන භික්ෂුවකට බුදුන් වහන්සේගේ “නිර්වාන ධර්මය” ගැන නම් විවාද කිරීමක් නම් කල නොහැකිය. “හික්ෂු චරියාව” ගැන නම් මොන මොනවා හරි කීමට දන්නවා ඇත.

    නමුත් අපට අවශ්‍ය නිවැරදි “නිර්වාන ධර්මය” කුමක්ද කියා පැහැදිලිවන ධර්ම සාකච්චාවකි. විවාද අවශ්‍ය නැත.

Leave a Reply

Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!