Gossip News

පල්ලිවල තිබී පොලිස් භාරයට ගත් කඩු – පිහි ආපසු පල්ලියටම ලබාදෙයි

පාස්කු ඉරිදා සිදු වූ ප්‍රහාරය සමඟ මුස්ලිම් පල්ලිවල තිබී පොලිසිය බාරයට ගත් කඩු සහ පිහි, එම පල්ලිවලින් කළ ඉල්ලීමක් සමඟ උඩුනුවර වෙළම්බෝඩ පොලිසිය මඟින් නැවත පල්ලිවලට දී තිබෙන බව වාර්තා වනවා.

හජ්ජි උත්සවය සමඟ ගව ඝාතනයට මෙම ආයුධ අවශ්‍ය බව වෙලම්බඩ පල්ලිය මඟින් කළ ඉල්ලීමකට එම පොලිසියේ වැඩ බලන ස්ථාධිපතිවරයාගේ නිර්දේශය මත එම ආයුධ ලබා දී ඇති බව සඳහන්.

ඒ අනුව කඩු හා පිහි 76ක් පොරෝ 13ක් මෙසේ ලබා දීමට පියවරගෙන තිබෙනවා.

රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ නිර්දේශයකින් තොරව ලබා දී ඇති මෙම ආයුධ පිළිබඳව වෙළම්බෝඩ පොලිසියෙන් විමසීමේදී එවැනි සිද්ධියක් නොමැති බව ප්‍රකාශ කළද පොලිස් පොත්වල මෙම ආයුධ ලබා දී ඇති බව සටහන් කර ඇති බවයි වාර්තා වන්නේ.

වෙළම්බෝඩ පොලිස් ස්ථානාධිපතිවරයා මහනුවර දළදා පෙරහැර සඳහා රාජකාරියට ගිය පසු වැඩබලන ස්ථානාධිපතිවරයා මෙම ආයුධ ලබා දී ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!