මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් කලුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 150 ක පමණ ඉතා තද වර්ෂාපතනයන්ද, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ට වැඩි තද වර්ෂාපතනයන්ද ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මේ වන විට කළු ගඟේ හා කැළණි ගඟේ ජල මට්ටම වැඩි වීමක් පෙන්නුම් කරන අතර ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කර තිබෙනවා.
කැනියොන් ජලාශයේ වාන් දොරටුවක් ද ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු 3ක් මේ වන විට විවෘත කර ඇති බව සඳහන්.
මෙම ජල ධහරා ප්රදේශයන්ගේ ජීවත්වන ජනතාව විශේෂ අවධානයකින් පසුවන ලෙසත් විශේෂයෙන් කැළණි හා කළු ගඟ දෙපස සිටින ජනතාව විශේෂයෙන් සැළකිල්මත් වන ලෙසත් ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි.
ආරක්ෂක කටයුතු සඳහා ත්‍රිවිධ හමුදාව හා නාවික හමුදාව අවශ්‍ය ස්ථාන වලට යොමු කර ඇති බව ද ඒ මහතා වැඩිදුරටත් පවසා තිබෙන්නේ.
මේ පිළිබඳව දැනුවත් කිරීම සඳහා 117 දුරකථන අංකය පැය 24 පුරාම විවෘතව පවතින බවත් කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
