Gossip News

ගිනිගත්හේනේ ඇති වූ නාය යෑමෙන් පුද්ගලයෙක් අතුරුහන්..වෙළදසැල් 10ක් විනාශයි..වීඩියෝ

ගිනිගත්හේන නගරයේ වෙළඳසැල් 10ක් මහවැලි ගඟ දෙසට අද අලුයම 2ට පමණ නායගොස් ඇති බවට වාර්ථා වෙනවා.එහි එක් වෙළඳසැලක සිටි සේවකයෙක් ද අතුරැදහන්ව ඇති බවට ගිනිගත්හේන පොලීසිය පැවසනවා. එසේ අතුරැදහන්ව ඇත්තේ විසිතුරු භාණ්ඩ අලෙවිසැලක සිටි සේවකයෙක්ය.ඔහුව සොයා තවදුරටත් යුද හමුදාව සහ පොලීසිය මෙහෙයුම් දියත්කර තිබෙනවා.මේ තත්වය ඇති වී ඇත්‌තේ මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වලට දිගින් දිගටම ඇතිවෙන වර්ෂාව නිසා බවට සදහන් වෙනවා.තවදුරටත් කාළගුණ තත්වය අයපත් බවට ද වාර්ථා වෙනවා.

ඒ වගේම ගිනිගත්හේන පොලීසිය අසල ඇති මහනුවර ප්‍රධාන මාර්ගයේ කොටසකුත් නායගොස් තිබෙනවා.පොලීසිය ඉදිරිපිට සිට ගිනිගත්හේන බස් නැවතුම්පොල දක්වා මහනුවර මාර්ගයද මේ වන විට සම්පූර්ණයෙන්ම වසාදමා තිබෙනවා.එම මාර්ගයෙන් ගමන් ගන්නා වාහන කොළඹ මාර්ගය දෙසට ගමන් කරන බස් නැවතුම්පොල හරහා ප්‍රධාන මාර්ගයට පිවිසෙන ලෙස පොලිසිය දන්වා සිටිනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!