වාරියපොළ බස්නැවතුම කාටත් අමතක නැතුව ඇති. ඊට හේතුව “වාරියපොල නංගි” යනුවෙන් මීට මාස ගණනකට ඉහතදී තිළිණි අමල්කා නැමැති තරුණිය වටා ගෙතුණු කතා පුවතක් නිසායි. ඇය මේ තරම් ජනප්‍රිය චරිතයක් බවට පත්වුණේ තරුණයෙකු විසින් ලිංගික ඇසුරකට අභිනයෙන් ඇයට සිදුකළ ඇරයුමයි.
මේ හේතුව නිසා කෝපයට පත්වූ ඉහත කී තරුණියා අදාළ තරුණයාට පහරදෙන අයුරුත් අවසානයේදී මෙය පොලීසිය දක්වා ගොස් උසාවියෙන් නතර වන අයුරුද දැකගත හැකිවිය. ඒ මෙම සිද්ධියට අදාළව සමාජ ජාල වෙබ් අඩවි වලින් ලබාදුන් දැඩි ප්‍රචාරය හමුවේය.
උසාවියට ගිය එම කතාව අවසන් වී ඇත්තේ ඊයේ දුන් නඩු තීන්දුවක් අනූවය. ඒ අනූව මෙම සිද්ධියේදී තරුණියට අපහාස කළ රොබට් දාසන්ලාගේ වන්ද්‍ර කුමාර හෙවත් සෙල්වාට වාරියපොල මහේස්ත්‍රාත් අධිකරණය මාස 6ක බරපතළ වැඩසහිත සිරදඬුවමක් හා තිළිණිටත් එම සිද්ධිය වන අවස්ථාවේදී ඇය සමග සිටි ඇගේ යෙහෙළියටත් රුපියල් 25.000 බැගින් වන්දි ගෙවන ලෙසයි.
