කුලියාපිටිය ප්රදේශයේ ඉදිකිරීමට නියමිත වොක්ස්වැගන් කර්මාන්ත ශාලාව සඳහා රජයේ ඉඩම් ලබා දීම ළඟදීම සිදුවන බව ශ්රී ලංකා ආයෝජන මණ්ඩලය පවසයි.
ආයෝජන මණ්ඩලයේ සභාපති උපුල් ජයසුරිය මහතා සහ වොක්ස්වැගන් ශ්රී ලංකා නියෝජිත සෙනොක් ඔටෝමොබයිල් සමාගමේ සභාපති නොයෙල් සෙල්වනායගම් මහතා අතර අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීමට නියමිතයි.
passenger cars, Sport Utility Vehicles (SUV), Multi Utility Vehicles (MUV) ආදිය මෙහිදී එකලස් කරන බව ලංකා ආයෝජන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ.
එන්ජින් ධාරිතාව 1000 සහ 2000 වර්ගයට අයත් ඩීසල් වාහන එකලස් කිරීමට මෙම සමාගම මගින් සිදුකරන බව වාර්තා වෙයි.
