මෙරට සංගීතයේ මං සලකුණක් විදිහට වික්ටර් රත්නායයන්ව හදුන්වන්න පුළුවන්.
වික්ටර් රත්නායක ගැන පසුගිය කාලේ විවිධ පුවත් මැවුනා.
ඒ ඔහුගේ අලුත් බිරිඳ ගැන සමාජය දැනගැනීමත් සමඟයි.
කොහොම වුණත් ඔහුගේ ආදරණීය බිරිඳ වික්ටර් රත්නායකයන් ගැන සතිඅන්ත පුවත්පතකට මෙලෙස අදහස් දක්වා තිබුණා.
කොහොමද අලුත් ජීවිතේ..?
අපි සතුටින් අපේ පවුල් ජීවිතේ ගෙනියනවා..
මෑතකදි වික්ටර් රත්නායක මහතා ප්‍රසංග රැසකටම සහභාගී වුණා නේද..?
හම්.. ඔව්.. පසුගිය කාලේ ප්‍රදේශ කිහිපයකම පැවැත්වුණු ඒවට මහත්තයා ගියා. තවත් ප්‍රසංගයක් ලබන 21 වැනිදා තියෙනවා.
හැම කටයුත්තකදිම ඔබ සැමියාගේ ළඟින්ම ඉන්නවා කියලා දකින්න ලැබෙනවා..?
ඔව්.. හැමදේකටම අපි දෙන්නාට තමයි ආරාධනා ලැබෙන්නේ..
වික්ටර් රත්නායක මහතාගේ ජීවිතයේ හොඳම කාලය එළැඹෙන්නේ වයස 75 න් පසුව බව ඔහුගේ තියෙනවා කියලා ඔබ මීට කළින් කියලා තිබුණා. අදටත් ඔබ එය විශ්වාස කරනවද..?
ඒ කතාව මම 100% ක් විශ්වාස කරනවා. කෙනෙක් සතුටින් ඉන්නවානම් ඒ කෙනාට සාර්ථක වෙන්න පසුබිමක් අනිවාර්යෙන්ම ලැබෙනවා.
මහත්තයව සතුටින් තියන්නයි මම හැමවෙලේම උත්සහ කරන්නේ.
අපිට අවලාද නගපු අයට ඉවසාගන්න බැරි වෙන්න පුළුවන්. ඒත් දෛවය කාටවත් වෙනස් කරන්න බැහැ.
ඒ කියන්නේ සැමියාගේ ජීවින ගමනට ඔබෙන් විශාල සහයෝගයක් ලැබෙනවා..?
ඔව්… ගෙදර හැම වැඩක්ම මගේ අතින් තමයි කෙරෙන්නේ..
අනෙක මට සංගීත දැනුමක් තිබෙන නිසා එයාගේ සංගීත කටයුතුවලට මටත් දායක වෙන්න පුළුවන්. සමහර වෙලාවට යම් ගීතයක් වෙනුවෙන් ඔහුගේ අතින් තනු දෙකක් නිර්මාණය වුණොත් ඒ අතින් වැඩියෙන්ම හොඳ මොකක්ද කියලා මගෙන් තමයි අහන්නේ..
ඔබ දෙදෙනාගේ විවාහය සම්බන්ධයෙන් ඒ දිනවල නැගුණු විවිධ චෝදනා සහ විවේචන අද වෙද්දි යටපත් වෙලාද.?
අපි කවදාවත් චෝදනාවලින් සැලුනේ නැහැ.. අනෙක සමාජජාල වෙබ් අඩවිවල පැතිරෙන දේවල් ඒ දිනවල බැලුවෙත් නෑ. අද බලන්නෙත් නෑ. මහත්තයත් අවශ්‍යම දේකට විතරයි අන්තර්ජාලයට පිවිසෙන්නේ. ඒ දේවල් අපි ලොකු ගැටලු බවට පත් කරගෙන නැහැ.
විවේචන ගොඩක් මැද වික්ටර් රත්නායක මහතා ඔබේ ජීවන සහකරුවා බවට පත්කර ගැනීමට එදා ගත් තීරණය ගැන අද මොකද හිතන්නේ..?
දෙපැත්තට වැනෙන විදිහේ තීරණයක් නෙවෙයි මම ගත්තේ.
මහත්තයත් එහෙමයි.. විවාහයට කලිනුත් අපි කාලයක් තිස්සේ සමීපව ඇසුරු කළා. ඉතින් මගේ තීරණය ගැන අදටත් තියෙන්නේ ලොකු සතුටක්.
