Jack Dorsey කියනනේ Twitter සමාජ ජාලයේ ප්රධාන විධායක නිළධාරියා වගේම සම නිර්මාතෘ වරයා වෙනවා.ඔහුගේ Twitter ගිණුමේ මිලියන 4ක පමණ අනුගාමිකයන් සිටින අතර ඔහුගේ Twitter ගිණුමට යම්කිසි පිරිසක් අනවසරයෙන් ඇතුල් වෙලා තියෙන බවට වාර්තා වෙනවා.
Chuckling Squad ලෙස තමන්වම හදුන්වා ගන්නා පිරිසක් විසින් මෙම hack කිරීමේ වගකීම මේ වෙනකොට භාරගන තියෙනවා.
පැයක කාලයක් පුරාවට ඔවුන් ගොඩක් දරුණු ආකාරයට වර්ගවාදී පණිවුඩ මුදා හැරලා තියෙනවා. මෙය Twitter ආයතනයේ දෝෂයක් නොවන බව ඔවුන් ප්රකාශ කරනවා. මෙය නම සදහන් නොකල දුරකථන සමාගමක අඩුපාඩුවක් බවට වාර්තා වෙනවා. එම දුරකථන සමාගමේ දෝෂයක් නිසා එම දුරකථන අංකය භාවිතා කරමින් මෙම hack කිරීම සිදුකර තිබෙන බවට පවසන Twitter ආයතනය මේ වන විට එම දෝෂය යථා තත්වය පත්කර තිබෙන බවට සදහන් වෙනවා.
