කොළඹ සිට යාපනය බලා ඊයේ රාත්රී ධාවනය වූ දුම්රියක හැපී තරුණයින් දෙදෙනෙකු මියගොස් තිබේ.
යාපනය, කොණ්ඩාවිල් හි අද අළුයම 5ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර දුම්රියේ ගැටී ඇත්තේ දුම්රිය මාර්ගයේ නිදාගෙන සිටි බව කියන තරුණයින් දෙදෙනෙකි.
ඔවුන් අවුරුදු 18 හා 20 වයස්වල පසුවන තරුණයින් බව අප වාර්තාකරු කියයි.
