මව්වරුන් දෙදහසක් පමණ මැනිලා අගනුවරට රැස්වී එකම වෙලාවක තම පියයුරුවලින් සිය දරුවන්ට කිරි ලබාදීපු අපූරු සිද්ධියක් ගැන විදෙස් මාධ්‍ය වාර්තා කරලා තිබුණා.
මව්කිරි දීම ප්‍රවර්ධනය කිරීම හා මව්කිරි දීමෙන් ලැබෙන වාසි ගැන සමාජය දැනුවත් කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.
අග්නිදිග ආසියානු රටවල මව්වරුන් ඒ සඳහා උනන්දු කරවීමත් එම වැඩසටහනේ තවත් අරමුණක් වී තිබෙනවා.
මව්කිරි ලබා දීමේදී බොහෝ මව්වරුන්ට දුෂ්කරතා පැන නගින අතර ඒ හේතුවෙන් සිය දරුවන්ට පිටිකිරි ලබා දීමට මව්වරු පෙළඹී තිබෙනවා.
වත්මන් සමාජය තුළ මාධ්‍ය ඔස්සේ පිටිකිරි ලබා දීමට උනන්දු කරන නිසා මව්කිරි දීමේ වැදගත්කම ඔවුන් දකින්නේ නැති බවයි ඊට එක් වු මවක් පවසා තිබුණේ.
