Gossip

“අත්හැරලා යන්න හිතෙන්නේ නැහැ, හොඳින් තේරුම් අරගෙනයි ඉන්නේ”

තරුණ හදවත් ආදරයෙන් වැළඳගත් ජනප්‍රිය ගායකයෙක් තමයි තීක්ෂණ අනුරාධ කියන්නේ.
නිහතමානී, සොඳුරු කලාකරුවෙක් විදිහට තීක්ෂණට ලොකු කුඩා කවුරුත් ආදරය කරනවා.
පසුගිය දවසක තීක්ෂණගේ කැඳැල්ලට අලුත් අමුත්තෙකුත් එකතු වුණා.
ඒ ගැනත් තීක්ෂණට හමුවුණු ආදරණීය බිරිඳ ගැනත් සතිඅන්ත පුවත්පතක මේ විදිහට සටහන් වෙලා තිබුණා.

මහරගම ප්‍රදේශයට ආසන්නව ම ඔබගේ කැදැල්ල හදන්න සිතුවේ ඇයි ?
මම උසස් අධ්‍යාපන කටයුතු කළේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නිසා ඒ කාලයේ නැවතිලා සිටියේ විජේරාමයේ.
මේ නිසා මේ අවට ප්‍රදේශය අපට බොහොම හුරුපුරුදුයි. එහෙම වුණාට පස්සේ එවැනි ප්‍රදේශයක් අත්හැරලා යන්න හිතෙන්නේ නැහැ.
ඒ නිසයි අපි පදිංචිය මේ ප්‍රදේශයට ආසන්නවම තෝරා ගත්තේ. අනෙක් කාරණය මම නේවාසිකව සිටියේත් මේ ප්‍රදේශයේමයි.
මේ ප්‍රදේශය දන්න කියන නිසා ඊට ආසන්නව ම ඉඩමක් මිල දී ගැනීමට හැකිවීම ගැන අප බොහොම කැමැති වුණා.”

තීක්ෂණට, අනුරාධිකාව මුණ ගැසෙන්නේ විහාරමහාදේවි උද්‍යානයේ දි. වෙන්නප්පුවේ ඉන්න ආනුරාධි කොළොම්පුරවරයට පිවිසෙන්නේ හඬ කැවීම් ශිල්පය හදාරන්න. ඒ අතර තීක්ෂණත් ඒ අවට ස්ථානයකට පිවිසෙන්නේ වැඩිදුර ඉගෙන ගැනීමකට. ඔවුන් දෙදෙනා ම සිය යහළුවන් පිරිවරාගෙන දහවල් කෑමට පැමිණියේ විහාරමහාදේවි උද්‍යානයට. එහිදියි අනුරාධිකාව තීක්ෂණගේ නෙතට මුණ ගැසෙන්නේ.

ඒ හමුවීම හරහා ඔබගේ හොඳම තෝරා ගැනීම අනුරාධිකා ද?
ඇත්තටම ඈ සංගීතය ගැන කොහොමත් දන්නේ නැහැ. ඒ වගේ ම මගේ සංගීත කටයුතුවලට ඈ ඇඟිලි ගහන්නෙත් නැහැ.
එදා ඉඳන් ම මා සිතුව දෙයක් වුණේ මම කවදහරි කසාද බඳින්න ඕන මා ඉගෙන ගත්ත දේවල් දන්නේ නැති කෙනෙක්ව බවයි. මේ වගේ ම ඈ ඉගෙන ගත්ත දේවල් මම දන්නේත් නැති වෙන්න වුවමනායි කියලා මා සිතුවා. එවිටයි අප දෙදෙනාගේ කටයුතු කිසිම ඇඟිලි ගැසීමකින් යුතු ව සිදුවන්නේ. ඒත් මගේ නිර්මාණවල හොඳම රසිකයා ‘සූ’යි. ඈ සියල්ල රස විඳීන්නේ සාමාන්‍ය රසිකයකු පරිද්දෙන්.”

පවුලක සුන්දරත්වය රැඳෙන්නේ එකිනෙකාගේ තේරුම් ගැනීම මතද?
“ඇත්තටම ඒ කාරණයයි පවුලක මූලිකවන්නේ. මා වගේ ම තීක්ෂණත් අප දෙදෙනා හොඳින් තේරුම් අරගෙනයි ජීවත්වන්නේ. ඔහු බොහොම කාර්යබහුල කෙනෙක්.
ඒ කාර්යබහුල බවෙන් ඔහුට තරමක් හෝ සැනසිල්ලක් ලබන්නට මා නිවෙසේ සියලුම කටයුතු බලා ගන්නේ බොහොම වුවමනාවෙන්. ඒ කටයුතුවලින් ඔහු ඈත් කළ පසු ඔහුගේ සංගීත කටයුතු බලා ගැනීමට ඕනෑතරම් කාලය තිබෙනවා.
පුතාගේ කටයුතු නිසා මටත් තරමක් වැඩකටයුතු ගොඩගැසිලා තමයි. එහෙම කියලත් තීක්ෂණ තාත්තා කෙනෙකුගේ වගකීම කිසිම දිනෙක පැහැර හරින්නේ නැහැ.
පුතාගේ දේවල්වලට නිදිවරන විට ඔහුත් ඒ කටයුතුවලට සහය වෙනවා. සමහර දවසට උදේට ඔහු ඔහුගේ වැඩකටයුතුවලට යන්නට ප්‍රථම පුතාව නාවන කටයුතුවලට මට උදවු කරනවා.
මම පුතාව නෑව්වාට පසුව පුතාව සාළුවෙන් පිහදාලා, ක්‍රීම් ගාන්නේ එයා තමයි. පුතා ඉපදුණ දවස්වල අප දෙදෙනාම නිදිවැරුවත් දැන් එහෙම නැහැ. පුතා ටිකක් දඟයි. ඒත් පුතා හැන්දෑවේ හයට විතර නිදා ගත්තට පස්සේ ආයෙත් නැඟිටින්නේ උදේටයි.”
අනුරාධිකා පැවසුවේ දෙන්නා දෙමහල්ලන්ගේ සහයෝගය පිළිබඳ. ඔවුන් දෙදෙනාගේ සියලු කටයුතුවලට උදව් කරන තවත් කෙනෙක් මේ නිවෙසේ ඉන්නවා. ඒ අනුරාධිගේ අම්මා.
අපේ අම්මා ඉන්න නිසා මට තරමක් නිවෙසේ කටයුතු පහසුයි. උයන කටයුතු ඇතුළු බොහොමයක් වැඩ කෙරෙන්නේ ඇගේ අතින්. ඒ වගේ ම තීක්ෂණ වුණත් අරව කන්න ඕනෑ,
මේවා කන්න ඕනෑ කියමින් කරදර කරන කෙනෙකු නොවෙයි. හදන ඕනෑම දෙයක් තීක්ෂණ කන්නේ කැමැත්තෙන්.”

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!