ඉන්දියාවේ ලිංගික ක්‍රියාකාරකම් පෙන්වන විහාරස්ථාන තිබෙන බව ඇසුවොත් ඔබ මවිතයට පත්වනවා නොඅනුමානයි.
මැටියෙන් නිර්මාණය වූ ගැහැණුන් සහ පිරිමින් ගේ ලිංගික දර්ශන ඇඹු පන්සලක් ලොවෙන් සැඟවී ඇත්තේ කෙසේද? එවැනි ශෘංගාරත්මක කැටයම් කලාවකින් යුත් පන්සල්වලින් සැදි කුඩා ගම්මානයක් ඉන්දියාවේ පිහිටා තිබෙනවා.
ක්‍රිස්තු වර්ෂ 900 සහ 1130 අතර කාලයේදී චන්දෙලා පාලකයන් විසින් මෙම කාජුරාහෝ ගම්මානය නිර්මාණය කර තිබෙනවා.
මෙය පිහිටා ඇත්තේ ඉතාමත් පෞරාණික වටිනාකමක් සහිත ප්‍රදේශයක් වන ඉන්දියාවේ මාධ්‍ය ප්‍රදේශයේයි. ජෛන හා හින්දු ආගම්වල ආභාෂයක් මෙම පන්සල්වලට හිමිව ඇත.
මෙම පන්සල් නිර්මාණය කර ඇත්තේ වැලි ගල්වලින් අතර ගොඩනැගිලි බිත්ති පුරා නොයෙක් ආකාරයේ ශෘංගාරත්මක කැටයම් නිර්මාණ හා පිළිම දක්නට ලැබෙනවා.
කාජුරාහෝ ගම්මානයේ ඇති මෙම කැටයම් මඟින් ලිංගික ක්‍රියාකාරකම් බොහොමයක් සිදුකරන ආකාරය සියුම්ව නිරිමාණය කර ඇති අතර සතුන් සමඟ ලිංගික ක්‍රියාකාරකම් සිදුකරන ආකාරයද මෙම පන්සල්වල නිර්මාණය කර තිබිම තවත් විශේෂත්වයක්.
මෙවැනි පන්සල් විශාල ප්‍රමාණයක් අතුරින් පන්සල් 25ක් වැනි සුළු ප්‍රමාණයක් පමණයි දැනට සංරක්ෂණය කිරීමට හැකි වී තිබෙන්නේ. මෙය UNESCO ලෝක උරුමයක් ලෙසද හැඳින්වෙනවා.
සභ්‍යත්වය සහ ගතානුගතික මතවලින් ඉදිරියෙන්ම සිටිනා ඉන්දියාව වැනි රටක මෙවැනි නිර්මාණයක් තිබීම විදේශිකයන් මවිත කරන්නක්.