බංග්ලාදේශය සමග පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය සදහා එක්වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.
එහි නායකා ලෙස දිනේෂ් චන්දිමාල් කටයුතු කරනවා.
මෙම සංචිතය සඳහා වෙනස්කම් කිහිපයක්ම සිදුකර ඇති අතර වේග පන්දු යවන්නන් දෙදෙනෙකු වන අසිත ප්‍රනාන්දු සහ ශෙහාන් මධුසංඛ කැඳවා තිබෙනවා.
නව පුහුණුකරු හතුරුසිංහ යටතේ එක්වන පළමු විස්සයි විස්ස සංචිතයද මෙයයි.
තුන්ඉරියව් ක්‍රීඩකයෙකු වන දසුන් ශානකද මෙම සංචිතයට එක්කර ඇති අතර ඔහු ඇවසන් වරට ජාත්‍යන්තර තරගයකට එක්වී ඇත්තේ මීට වසර තුනකට පෙරයි.
උපුල් තරංග, ධනුෂ්ක ගුණතිලක, කුසල් ජනිත් පෙරේරා, තිසර පෙරේරා, අසේල ගුණරත්න, නිරෝෂන් දික්වැල්ල සහ දසුන් ශානක සංචිතයට එක්කර තිබෙනවා.
ශෙහාන් මධුෂංක, ඉසුරු උදාන, ජෙෆ්රි වැන්ඩසේ, අමිල අපොන්සෝ, ජීවන් මෙන්ඩිස් අකිල ධනංජය, සහ අසිත ප්‍රනාන්දු සංචිතයේ අනෙක් ක්‍රීඩකයන් වනවා.
විස්සයි විස්ස පළමු තරගය ලබන 15 වැනිදා පැවැත්වීමට නියමිතයි.
අනෙක් තරගය 18 වැනිදා පැවැත්වෙනවා.
