සුපිරි නළු ශාරුක් ඛාන් තරම් තම පෞද්ගලික ධනය වැය කරන අයුරු ප්‍රසිද්ධියේම පවසන වෙනත් නළුවෙකු බොලිවුඩ්පුරයේ නැති බවට සැකයක් නැහැ. ඔහු එතරම්ම විවෘත කෙනෙක්.
පසුගිය දා ශාරුක් ප්‍රසිද්ධියේම තමන්ගේ පෞද්ගලික ගනුදෙනු ලොවටම හෙළි කළා.
“මට ලොකු ගෙයක් තියෙනවා. ලොකු කාර්යාලයක් තියෙනවා. මම හම්බ කරන ආදායමින් වැඩි හරියක්ම වියදම් වෙන්නෙ චිත්‍රපට නිෂ්පාදනයට. මම කවදාවත් හෝටල්වලට ගිහින් කෑම කන්නෙ නැහැ. ගෙදර හදන කෑම තමයි කන්නෙ. නිතරම අලුත් ඇඳුම් ගන්නෙ නැහැ. මොනව හරි දෙයක් සාර්ථක වුණ පළියට ඒ වෙනුවෙන් සාද පවත්වන්නෙ නැහැ. මට ම කියල යම් යම් දේවල් මිලට ගන්නෙ නැහැ. මිලදී ගන්න දේවල්වලින් ගොඩක්ම වෙන් කරන්නෙ අනුන්ට දෙන්නයි.” ශාරුක් සුපුරුදු සිනහවෙන් එලෙස පවසනවා.
“මට කිසිම විදිහක පෞද්ගලික අපේක්ෂාවන් නැහැ. මගේ දරුවන්ගෙ අවශ්‍යතා ඉටු කරන්නයි මහන්සි වෙන්නෙ. සාමාන්‍යයෙන් මම සංගීතයට කන් දෙනවා අඩුයි. ඒ නිසා මම ලොකු ස්පීකර්ස් වගේ දේවල් අරගෙන නැහැ. මගේ ළඟ සපත්තු ගොඩක් තියෙනවා. හැබැයි ඒ හැම එකක්ම ලැබුණේ චිත්‍රපට රූගත කිරිම්වලදී.” ඔහු තවදුරටත් පවසනවා. මේ වන විට ශාරුක් සතුව චිත්‍රපට නිෂ්පාදන ආයතනයක්, චිත්රාගාරයක්, ක්‍රිකට් කණ්ඩායමක් (අයි. පී. එල්. තරග සඳහා) සහ විදේශයන්හි දේපළ කිහිපයක් ද තිබෙනවා.