හොලිවුඩ්

පිරිමි 30ක් 16 හැවිරිදි දැරිය දූෂණය කරලා වීඩියෝව ලීක් කරලා(වීඩියෝ)

cvr

තම පෙම්වතා හමු වීමට ඔහුගේ නිවස වෙත ගිය යොවුන් දැරියකට මුහුණ දෙන්නට සිදු වූ අවාසනාවන්ත ඉරණමක් පිළිබඳ පුවතක් මේ දිනවල ලෝකයේම අවධානය දිනාගෙන තිබේ.

මෙම 16 හැවිරිදි දැරිය පසුගිය සෙනසුරාදා ඇගේ පෙම්වතාගේ නිවසට ගොස් ඇති අතර එහි දී ඇයට යම් මත් ද්‍රව්‍යයක් ලබා දී සිහිමුර්ජා කරවා ඇති බවටයි පොලීසිය සැක කරන්නේ.

සිහිය ලැබෙන විට තමා සිටියේ වෙනත් නිවසක බවත් පිරිමින් විශාල ගණනක් තමාව වට කරගෙන සිටි බවත් ඇය පොලීසිය වෙත ප‍්‍රකාශ කොට ඇත.

පුද්ගලයින් බොහෝ පිරිසක් විසින් දැරිය එහි දී අමානුෂික ලෙස සමූහ ¥ෂණයට ලක් කොට ඇති අතර මෙම ස්ත‍්‍රී  දුෂණයට සම්බන්ධ වූ 30 දෙනෙකු පමණ මේ වන විට අත්අඩංගුවට ගැනීමට බ‍්‍රසීල පොලීසිය සමත් වී තිබේ.

දැරියගේ පෙම්වතා බව පැවසෙන පුද්ගලයාට ද පොලීසියෙන් වරෙන්තු නිකුත් කර ඇති අතර බ‍්‍රසීලයේ, රියෝ දි ජැනයිරෝ නුවර මුඩුක්කු ප‍්‍රදේශයක දී මෙය සිදු වී තිබේ.

ඇයව සමූහ දුෂණයට ලක් වූ දිනට පසුදින එනම් ඉරිදා පියවි සිහිය ලැබෙද්දී තමා සිටියේ නිර්වස්ත‍්‍රව බවත් ශරීරයේ තැනින් තැන තුවාල ද තිබූ බවත් තමා නැගිට නිවස වෙත දිවගිය බවත් ඇය ප‍්‍රකාශ කර තිබේ.

ඉන් පසුව ද ඇයට සැනසීමක් නොවූයේ ඇයව සමූහ දුෂණයට ලක් කෙරෙන අයුරු දැක්වෙන වීඩියෝවක් පසුදින ඔඅසඑඑැර සමාජ ජාලයේ සංසරණය වනු දැකීමත් සමගයි.

සමූහ දුෂණයට සම්බන්ධ වූ අයෙකු සිද්ධිය වීඩියෝගත කර මෙසේ අන්තර්ජාලය වෙත මුදා හැර තිබූ අතර එය පුළුල් ලෙස පැතිරී ඇත්තේ දැරියට පරිභව වන ආකාරයේ අදහස් පළ කිරීම් ද සමගිනි.

මෙම සිදුවීමේ සැබෑ තතු සැලවීමත් සමගින් එම වීඩියෝව පළ කොට තිබූ ගිණුම අත්හිටුවීමට   සමාගම පියවරගෙන ඇතත් ඒ වන විටත් එය බොහෝ පිරිසක් නරඹා අවසන් වී තිබුණි.

වීඩියෝව නැරඹූ පිරිස අතර දැරියගේ පවුලේ සාමාජිකයින් සිටින අතර තමා එය නරඹා හඬා වැටුණු බව දැරියගේ මිත්තණිය පවසා තිබේ.

”‍අපි ඒ වීඩියෝව බැලූ‍වේ ලොකු වේදනාවකින්. මේක ඇත්තටම සිදුවුණාද කියලා අපිට විශ්වාස කරගන්නවත් බෑ.”‍ යනුවෙන් දැරියගේ මිත්තණිය පුවත්පතක් වෙත අදහස් පළ කොට ඇත.

මෙම සිදුවීමට සමාජජාලවල පුළුල් අවධානය යොමුව ඇති අතර මෙහි පරීක්ෂණ පැවැත්වීමේ දී අදාළ දැරියගේ අනන්‍යතාව හෙළි නොකරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ද බ‍්‍රසීල බලධාරීන්ගෙන් ඉල්ලා තිබේ.

2014 වසරේ දී පමණක් බ‍්‍රසීල පොලීසිය වෙත වාර්තා වී ඇති ස්ත‍්‍රී දුෂණ ප‍්‍රමාණය 47,636ක් වන නමුත් එම ප‍්‍රමාණය සමස්ත ස්ත‍්‍රී දුෂණ ප‍්‍රමාණයෙන් 35%ක් පමණක් වන බවයි බ‍්‍රසීල බලධාරීන් පවසන්නේ.

පොලීසිය වෙත වාර්තා නොවන ස්ත‍්‍රී දුෂණ ප‍්‍රමාණය ඉතා ඉහළ සංඛ්‍යාවක් වන බව ඔවුන් පෙන්වා දී තිබේ.

වීඩියෝව මෙතනින්

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!