යොවුන් රංගන ශිල්පී දසුන් නිෂාන් ඊයේ සියදිවි හානි කරගැනීමෙන් පස්සේ විවිධ කතා හුවමාරු වෙන්න පටන් ගත්තා.
සමහරු කිව්වා ප්‍රේම සම්බන්ධයක් නිසා මේ විදිහට දසුන් ජීවිතේ දාලා ගියා කියලා.
තවත් සමහරු දසුන්ගේ වෙන්ව යාමත් සමඟ ශලනි තාරුකා ගැනත් කතා කළා.
ඇයගේ ෆේස්බුක් ගිණුමද ඉවත් කරලා තියෙනවා කියලා සමහරු කිව්වා.
මේ ගැන අහන්න වෙබ් ගොසිප් අපි ශලනි තාරකාව සම්බන්ධ කරගන්න හැදුවත් එය සාර්ථක වුණේ නෑ.
කොහොම වුණත් ඇය දසුන් සමඟ දීර්ඝ කාලයක් එක්ව ටෙලි නාට්‍යක රඟපෑව නිසා මේ විදිහේ කතා හැදුනා වෙන්නත් පුළුවන්.
ඒ හැමදේම ගැන මීට මසකට පමණ කළින් ශලනි සතිඅන්ත පුවත්පතකට මේ විදිහට කියලා තිබුණා.
ශලනිගේ නමත් හිටි හැටියෙම වෙබ් සයිට්වල යන්නේ ජනප්‍රියත්වය වැඩි නිසාද..?
ඒක කියන්න බැහැ..
ළඟදි ඒ විදිහට ඔබේ නමත් එක් රංගන ශිල්පියෙක් සමඟ ඈදිලා කටකතාවක් හැදුනා නේද..?
කොහොමත් මට ඉතිං අහක යන කුණු තමයි එන්නේ.
මොකද ගොඩක් වෙලාවට ඔය කියන රංගන ශිල්පියාගේ ප්‍රශ්නෙදි, මාව ගාවගන්න ඇත්තේ අවුරුදු එක හමාරක් එක දිගට දීර්ඝ ටෙලි නාට්‍යයක දකින්න ලැබුණු නිසා වෙන්න ඇති.
එහි විවාහක යුවළක් විදිහට අපි නිතර දකින්න ලැබුණා.
මම හිතන්නේ මම ගෑවුණේ ඒ ටෙලි නාට්‍ය නිසා තමා.
බුද්ධියෙන් බලන අය ඒ විදිහට තේරුම් ගත්තා සහ ඕන දෙයක් වැරදියට දකින අය ඒ විදිහට තේරුම් ගත්තා.
මම වැරැද්දක් කරලා නැති නිසා මම ඒවට උත්තර බඳින්න ගියේ නැහැ.
මම හිතන්නේ ඉතිං සයිට්වල යන හැමදෙයක්ම විශ්වාස කරන්න හොඳ නැහැ.
අපි ගරලා තමා ඒ දේවල් ගන්න ඕනේ.
