සෙලිනා ගෝමස් සංගීත ලෝකයේ ඉතාමත්ම කෙටි කාලයක් තුලදී ලොව රසික රසිකාවියන් රැසකගේ ආදරයට හා අවධානයට ලක්වූ අපුරු යුවතියක්.
ජනප්‍රියත්වය මියුරු කටහඩ මෙන්ම තම සුරූපී බව නිසාම බොහෝ දෙනාගේ අවධානය දිනාගැනීම නිසා අන්තරජාලයේ නිරන්තර අවධානයට ලක්වුණා.
සෙලිනා කලක සිට ආදර සම්බන්ධතා පැවැත්වූ ජනප්‍රිය ගායකයන් වන ජස්ටින් බිබර් සහ වීකෙන්ඩ් ගැන මාධ්‍යට අතම අදහස් ප්‍රකාශ කර තිබුණා .
28 හැවිරිදි සෙලීනා , ජස්ටින් බීබර් සහ වීකෙන්ඩ් සමඟ ඇති සබඳතා අසාර්ථක වීමෙන් වසර කිහිපයකට පසු ඇය තනිව සිටීමෙන් සතුටක් ලබන බව පිළිගෙන තිබෙනවා.
“මම තනිකඩයි – මම මුළුමනින්ම සතුටින් ඉන්නවා, තනිකඩව සිටීම නිසා මම ජිවිතයේ බොහෝ කාලයන් වලදී සතුටින් ජිවිතේ ගත කරනවා”
ඇය ඒ පිලිබදව වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙන්නේ ” විනෝදකමීත්වය මට උරුම දෙයක් – ඔබ සැමවිටම විනෝදෙන් ජීවිතය ගත කල යුතුයි. යනුවෙනුයි
