Gossip

“කීයක් දුන්නත් මම නිරුවත් ඡායාරූපවලට පෙනී සිටින්න අකමැතියි. අඩ නිරුවත් ඡායාරූපවලට පෙනී සිටීම කලාවක්.” – Photos

ටෙලි නාට්‍ය හා ගීත රූප රචනා බොහොමයක දැක ඇති යොවුන් කලා ශිල්පිනියක් ලෙස දිනූ රත්නායක හැදින්විය හැකිය.
මේ වනවිට නිරූපිකාවක් ලෙස නිරූපණ ක්ෂේත්‍රය තුල නමක් දිනාගෙන සිටින දිනූ සතිඅන්ත පුවත්පතකට මේ විදිහට අදහස් දක්වලා තිබුණා.

නිරූපිකාවක් විදිහට අද ඔබ පැමිණි ගමන ස්ථාවර වෙලා තියෙනවද..?
මම නිරූපන කටයුතුවල නියැලෙන්නේ විනෝදාංශයක් විදිහට.
මේක මගේ වෘත්තිය නෙවෙයි. ඒ හින්දා නිරූපිකාවක් විදිහට මම ස්ථාවරද නැද්ද කියලා දන්නේ නැහැ.

වර්තමානයේ ගොඩක් නිරූපිකාවන් අඩ නිරුවත්ව ඡායාරූපවලට පෙනී ඉන්නවා. ඔබත් ඒ රැල්ලට දැන් හුරුවෙලාද..?
ඒක රැල්ලක් නෙවෙයි. ඒක බලන පුද්ගලයාගේ කෝණය අනුව වෙනස් වෙනවා. මම එය දකින්නේ කලාත්මක නිර්මාණයක් ලෙස පමණයි.

සිරුරේ අඩක් පේන ඡායාරූපවලට හිටියාම ජනප්‍රිය වෙන්න පුළුවන් කියන මතයේ ඔබ ඉන්නවද..?
නැහැ.. මම හිතන්නේ හැකියාව, කැපවීම උනන්දුව හා හොද හැඩරුවක් තිබිය යුතුයි කියලා. ඒ දේවල් තියෙනවානම් ඕනා කෙනෙකුට මේ ක්ෂේත්‍රය තුල සාර්ථක වෙන්න පුළුවන්. ඒ වගේම ජනප්‍රිය වෙන්නත් පුළුවන්.

මෑත කාලයේ ඔබ පෙනී සිටි ඡායාරූප රාශියක් ජනප්‍රිය වුණා නේද..?
ඔව්.. මෑතකදි කරපු නිර්මාණ ගොඩක් ජනප්‍රිය වුණා. කොහොමත් මම කළ හැම කලා නිර්මාණයක්ම ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වුණා කියලා මම හිතනවා.

නිරුවත් ඡායාරූපවලට පෙනී සිටින්න අවස්ථාවක් ලැබුණොත් භාරගන්නවද..?
කොහෙත්ම නැහැ.. කීයක් දුන්නත් මම නිරුවත් ඡායාරූපවලට පෙනී සිටින්න අකමැතියි. මුදලට වඩා මගේ ගෞරවය වටිනවා.

නිරූපිකාවෝ අද ඉක්මනින්ම ජනප්‍රිය වෙන්න උත්සහ කරනවා.. ඒ ඇයි..?
තියන තරගකාරිත්වයත් එක්ක ගොඩ දෙනෙක් බලන්නේ ඉක්මනින් ඉදිරියට යන්න.. ඒ නිසා මම එහි වරදක් දකින්නේ නැහැ.
අපි හැමෝම කැමතියි ජනප්‍රිය වෙන්න. නමුත් මගේ අදහසක් නැහැ ඉක්මන් ගමනක් යන්න..
මොකද ඉක්මන් ගමන කෙටියි කියලා කතාවක් තියෙනවානේ.
මම කැමතියි මගේ ගමන හෙමින් යන්න. ඒ වගේම මිනිස්සුන්ට දැනෙන හොඳ නිර්මාණ විතරක් භාර අරගෙන කරන්න.

නිරූපිකාවක් විදිහට ඔබ යම් සීමාවක සිටිනවද..?
ඇත්තෙන්ම ඔව්.. මම වැඩක් භාරගනිද්දි බොහෝ දේවල් හොයලා බලනවා.
වැඩේ කරන්නේ කවුද.. ඇදුම් පැළදුම් මොනවද වගේම මේක මට ගැලපෙනවද මේකෙන් මට යම් හානියක් වෙනවද කියන වගේ දේවල් මම හොයලා බලනවා.
හැමදේටම මම සල්ලි මුල්කරගන්න කෙනෙක් නෙවෙයි. අපි හොඳට හිටියොත් තමයි අපිට හොඳ පිළිගැනීමක් තියෙන්නේ..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!