ඉන්දියාවේ ජනප්රිය රියලිටි ටීවී වැඩසටහනක් තමයි Splitsvilla වැඩසටහන.
එම වැඩසටහනේ රංගනයේ යෙදෙන කෙනෙක් තමයි Scarlett Rose කියන්නේ.
මැය දැන් ඉන්දියාවේ ඉතාමත් ජනප්රිය චරිතයක් වෙලා.
ඒ ඉන්දීය රසිකයන් මේ වැඩසටහන ආදරෙන් වැළඳගත් නිසායි.
හැබැයි මේ වෙද්දී Scarlett Rose ලෝකෙම ජනප්රිය වෙන පටන් අරන්.
එහෙම ජනප්රිය වෙන්න හේතුව තමයි ඇයට පිහිටලා තියෙන පෙනුම.
මැයව දකින ගොඩක් අය කියන්නේ සමාජජාල වෙබ් අඩවිවල හුඟක් ප්රකට Scarlett Rose පෙනුමෙන් Kim Kardashian වගේ කියලයි .
ඒ නිසාම මේ වෙද්දී ඇය බටහිර රටවල් වලත් ලොකු ජනප්රියත්වයක් ලබාගෙන තියෙනවා.
ඉතිං ඇය පහුගිය දවසක තමන්ගේ සරාගී ඡායාරූපයක් එක්ක Instagram එකට දාලා තිබුණා තමන් ගුරුවරියක් වෙන්න කැමැතියි කියලා.
ගණිත ගුරුවරියක් වෙන්න තමයි ඇගේ වැඩි කැමැත්ත කියලත් ඇය සටහන් කරලා තිබුණා.
