බුදු දහම සම්බන්ධයෙන් තමන් සමග විවාද කිරීමට අවශ්‍යනම් ලබන 19 වන ඉරිදා සිරි සදහම් ආශ්රමයට පැමිණෙන්නැයි පූජ්‍ය විල්ගමුවේ රතනසාර හිමියන්ට තමන් අභියෝග කරන බව සිරි සමන්තබද්‍ර හිමියන් පවසනවා.
වෙබ් ගොසිප් වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් උන්වහන්සේ සඳහන් කලේ එම විවාදය පැවැත්වීමට ලබන ඇසල පෝය දක්වා බලා සිටීම ඵල රහිත බවයි.
තමාගේ තර්කයන්ට අභියෝග කරන කෙනෙකු සිටීනම් තමා සමග විවාදයකට පැමිණෙන ලෙස වීඩියෝවක් නිකුත් කරමින් පසුගියදා සමන්තභද්‍ර හිමියන් අභියෝගයක් ඉදිරිපත් කළා.
ඒ අනුව විල්ගමුවේ රතනසාර හිමියන් එම අභියෝගය පිළිගනිමින් කියා සිටියේ එළැඹෙන ඇසළ පොහොය දිනයේදී සමන්ත භද්‍ර ස්වාමින් වහන්සේගේ ආශ්රමයට පැමිණ සංවාදයෙන් සමන්ත භද්‍ර හිමියන් පරාජය කරන බවයි.
විල්ගමුවේ රතනසාර හිමියන් එම අභියෝගය භාර ගන්නා බව දැක්වූ වීඩියෝව ඉහතින්.