Gossip

ප්‍රබල ඇමැතිවරයෙකුගේ ලේකම්වරයෙක් පෝයදා රෑ අම්මාව පාරේ දාලා ගිහින්

ප්‍රබල ඇමැතිවරයෙකුගේ ලේකම්වරයකු තම 83 හැවිරිදි වයෝවෘධ මව රාත්‍රී කාලයේදී වාහනයකින් රැගෙනවිත් මහ ගෙදර ගේට්ටුව වසා තිබියදී ඇඳුම් බෑගයද සමග මහ පාරේ දමා ගොස් තිබෙනවා. මේ බව කොට්ටාව පොලිස් පොතේ සටහන්ව ඇති බවයි වාර්තා වන්නේ.

තම වැඩිමහල් පුතා මෙලෙස පොහොයදා රාත්‍රියේ මහමඟට රැගෙන විත් දමා ගිය බව මේ මව පොලිසියට පවසා තිබෙනවා.

විශ්‍රාමික ගුරුවරියක්‌ වන ඇයට පුතුන් තිදෙනකු සිටි බවත් ඉන් බාලම පුතු යුද හමුදා සේවයේදී මියගිය බවත් සෙසු පුතාලා දෙදෙනාගෙන් වැඩිමහල් පුතා රජයේ අමාත්‍යවරයෙකු ළඟ කටයුතු කරන බවත් ඇය පවසා තිබෙනවා.

ඇය මේබව කියා ඇත්තේ මෙලෙසින්…

“ජීවත්ව ඉන්න දෙවෙනි පුතා සහ ලේලිය මට අයිති පන්නිපිටිය මොරකැටිය පරණ පාරේ නිවස බලෙන් ලියවා ගත්තා. ඒ කාලේ මම ඒක මිලදී ගත්තේ රු. 43000 ක්‌ වැනි මිලකටයි. දැන් එය කෝටි දෙකකට වඩා වටිනවා. ඒ ගෙදර දෙවෙනි පුතා සමග ලේලිය ජීවත් වෙනවා. මමත් ඔවුන් සමඟ ජීවත් වුණා. ඒ ජීවත් වන කාලයේ ලේලිය විසින් රැජින මමයි අපේ රාඡ්ඡේ කිය කියා මාහට උසුළු විසුළු කළා. බාල පුතා මියගිය අවස්‌ථාවේ ලැබුණු වන්දි මුදල වන රුපියල් ලක්‍ෂ 20 සහ මාහට මාසිකව ලැබෙන මාසික විශ්‍රාම දීමනාව වන රුපියල් 90000 ක්‌ පමණ එම පුතා සහ ලේලිය මට පහරදී උදුරා ගත්තා.

පසුගිය දවසක එම මාසික දීමනාව ලබාදීමට මා අකැමැත්ත ප්‍රකාශ කළ විට මගේ අත කරකවල පහර දුන්නා. පුතාගෙ වාහනයට ගෙවන්න කියා සෑම මසකම රුපියල් හතළිස්‌දහස බැගින් මේ වන විට රුපියල් ලක්‍ෂ දෙකක මුදලක්‌ ඒ අය අරං තියෙනවා. මගේ හැඳුනුම්පතයි මියගිය පුතාගේ ලියකියවිලියි පසුගිය දිනක මේ අය පිච්චුවා. මීට මාස 02 කට පමණ පෙර පිටිපන ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයකට පුතා සහ ලේලිය ගිහින් මට මානසික ලෙඩක්‌ තියෙනව කියල එතන නතර කළා. පසුව පසුගිය පෙබරවාරි 18 දින ලොකු පුතා එම නිවාසයට පැමිණ මා රැගෙන ගොස්‌ මාකොළ ප්‍රදේශයේ කාමරයක නතර කළා. ඊට පස්සෙ පහුගිය පෝයදා සවස එහි පැමිණ වෙන නවාතැනකට යමු කියල වාහනයෙන් මාව එක්කගෙන ආව. අන්තිමට ඒ ආවේ පොඩි පුතා ළඟට බවට මට තේරුණා.

ඒ වෙලාවෙ ලේලි ඇවිත් ගේට්‌ටුව ඇරියා. මම වාහනේ ඉන්ව දැකල ගේට්‌ටුව ලොක්‌ කරල ලේලි ඇතුලට ගිහින් දොර වහල ලයිටුත් නිව්වා. ලොකු පුතා මාව ගේට්‌ටුව ළඟ බස්‌සලා රෙදි බෑග් ටිකද බිමට දාල ගේට්‌ටුව ඇරියාම ගෙට යන්න, එයාලා අම්මගෙ ඒවා කකා ඉන්නවා කියල යන්න ගියා. එහෙත් ගේට්‌ටුව ඇරුණේ නෑ. මම පාරේ ගිය ත්‍රීවීලර් එකක් නතර කරගෙන පොලිසියට ආවා.“

1981 වසරේ මගේ සැමියා මිය ගියාට පසු මා දෙවෙනි පුතා සහ ලේලිය සමඟ ජීවත් වුණා. ලොකු පුතාගේ විවාහය අසාර්ථකවී වෙනත් කාන්තාවක්‌ සමඟ ජීවත් වනවා. මේ අතර තුරදී මාව මෙලෙස ආනාරක්‍ෂිත අන්දමින් මහ මඟ දමා ගියා.

උපුටා ගැනීමකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!