සමන්මලි සකලසූරිය කියන්නේ කවුද කියලා දන්නවානේ. එයා තමයි එජනිස බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනි.
ඇය පිළිබඳව පසුගිය කාලයේ නොයෙකුත් කතා පැතිරුණානේ. ඒවා ඉතින් කතා විතරයි. කොහොමත් ඉතින් කවුරුහරි පුද්ගලයෙක් ප්‍රසිද්ධ වෙනකොට අනිවාර්යෙන් කතා හැදෙනවා වැඩියි. ඒක සාමාන්‍ය සිද්ධියක්නේ.
ඔන්න මේ සමන්මලි සකලසූරිය මෙනවිය ගැන අපි අලුත් කතාවක් දැන් කියන්න යන්නේ. ඒ මොකක්ද දන්නවාද? ඇය ළඟදී විවාහ වෙන්නයි යන්නේ. ළඟදී කියන්නේ එළඹෙන සතියේ 14 වෙනිදාට. විවාහ උත්සවය ජයටම ගන්නවා කියලයි ආරංචිය.
මේ විවාහයේ තියෙන විශේෂත්වය තමයි ඇය විවාහ වෙන්නේ තවත් දේශපාලඥයෙකුගේ පුතෙකු එක්ක වීමයි. ඒ කවුද කියලා කිව්වොත් ඔයාල පුදුමවෙයි.
ඒ වෙන කවුරුත් නෙවෙයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන දිනේෂ් ගුණවර්ධනගේ පුතෙකු සමඟ තමයි ඇය විවාහ වෙන්නේ.
ඔහුගේ නම තමයි යදාමිණි ගුණවර්ධන.කොහොම හරි ඔන්න මේ දෙන්නගේ විවාහ උත්සවය අති සාර්ථක වෙලා සතුටින් ජීවිත කාලයේම ඉන්න පුළුවන් වේවා කියලා වෙබ් ගොසිප් අපි ප්‍රාර්ථනා කරනවා.