තරු හුට පට

කෙටි කාලයකින් ධනවතෙක් වෙන්න කැමතිනම් මෙන්න මග – ගොඩගිය අය අනන්තයි

කොටස් වෙළෙඳපොළ කියන්නේ අවදානම ඉහළ ආයෝජන මාර්ගයක් කියන එක තමයි සමාජයේ තියෙන මතය. එක පැත්තකින් අවදානම වැඩියි කියන්නේ ප්‍රතිලාභයත් වැඩියි කියන එකයි.

මේ විදියට වැඩි අවදානමක් අරගෙන වැඩි ප්‍රතිලාභයක් ලබා ගන්න තිබුණු අවස්ථාවක් කොටස් වෙළෙඳපොළේ දී මේ සතියේ දී අපි දැක්කා.

පසුගිය සඳුදා කොටස් වෙළඳපොළේ ගණුදෙනුවල ජොන් කීල්ස් වොරන්ට් කොටසක මිල පසුගිය රුපියල් 1.50 දක්වා හදිසියේම කඩා වැටුණා.

මේ හේතුවෙන් ආයෝජකයෝ හිතුවේ මේ කොටස් වල වටිනා කම ඉවර තමයි කියලා.

ඔන්න කොහොම හරි නොසිතු විදියට පසුගිය අගහරුවාද සිට මේ දක්වා එහි මිල ඉහළ ගොස් තිබෙනවා.

අද දවස ඇතුළත රු 7. 80 දක්වා එහි මිල ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව එක කොටසක ලාභය රුපියල් 6යි ශත 30යි. කෙසේ වෙතත් මේ කොටස් මිල ගණන් බොහෝ අවස්ථා වලදී පහළ යන්නත් පුළුවන්.

පහුගිය කාලය පුරාවටම අපි දැක්කේ කොටස් වෙළෙඳපොළ පහළ යන අවස්ථා. ඒක තමයි කොටස් වෙළඳපොලේ තියෙන ලොකුම අවදානම. කොහොම හරි අවදානමක් ගත්තොත් ඔයාලට ගොඩ යන්න ඒ වගේම සල්ලි හොයන්න පුළුවන් එක් ක්‍රමයක් තමයි මේක.

පොඩ්ඩක් මේ විෂය ගැන ඉගෙන ගෙන ඉවසලා වැඩ කළා නං ඔයගොල්ලොත් ගොඩ යනවා සහතිකයි. හැබැයි කටකතාවලට රැවටිලා අතේ තියන සොච්චමත් නැති කර ගන්න යන්න නං එපා. එකක් මතක තියාගන්න, මේක සූදුවක් නෙමෙයි.

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!